කෙහෙළියගේ මාරාන්තික එන්නත්වලට එරෙහිව අල්ලස් කොමිසමත් නඩු පැවරීමේ සූදානමක (වීඩියෝ)

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ස්නායු රෝගීන් සඳහා භාවිත කරන හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ පිළිකා රෝගීන් සඳහා භාවිත කරන රිටොක්සිමැබ් නමැති ප්‍රතිදේහ එන්නත් ව්‍යාජ ලේඛන හරහා ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්ත්වයකට පත් කිරීම යන චෝදනා යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරියේ දී අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු පවරන බව එම කොමිසම නිවේදනය කර තිබෙනවා.

අද (24) පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පැවසුවේ, එවකට කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මත පදනම්ව රුපියල් කෝටි 14.5කට ආසන්න මුදලක් වැයකර ජනතාවට ඖෂධ වශයෙන් ලබා දී ඇත්තේ “මාරාන්තික බැක්ටීරියා සහිත වතුරත්, නිකං ම නිකං ලුණු වතුරත්” යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉකුත් 19 වැනි දා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දුන් බවයි.

අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කමන්ත තුෂාර මහතා විසින් මේ පිළිබඳ ව එවකට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට පැමිණිලි කරනු ලැබුවා.

ඔහු කළ පැමිණිල්ලට අනුව 2023 ඔක්තෝබර් 13 වැනි දා සිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඒ සම්බන්ධයෙන් නඩු පවරනු ලැබුවා.

2023 ඔක්තෝබර් 13 වන දා සිටයි මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළේ.

ඒ අනුව, අවුරුද්දයි මාස 08ක් සහ දින 06ක් තුළ විමර්ශන අවසන් කර සිද්ධියට අදාළ විමර්ශනවල උද්ධෘත පසුගිය පෙබරවාරි 06 වන දා, නීතිපතිවරයාට යොමු කර තිබුණා.

ඒ අනුව, විත්තිකරුවන්ට එරෙහිව පැවරූ නඩුව ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ද විභාගයට ගැනීමට නියමිතයි.

ඒ අතරම අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කරන නඩුව ද ඉදිරියේ දී ගොනු කරනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14