කෙහෙළියගේ බෙහෙත්වලින් මියගිය හෝ සංකූලතා ඇති වූ පිරිස් ඉන්නවනම් ඉදිරිපත් වන්න

2023 ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලසීමාව තුළ දී හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්කැල්ල අමාත්‍යවරයා විසින් ගෙන්වන ලද ඖෂධවලින් හෝ බෙදා හරින ලද ඖෂධවලින් සංකූලතා මතු වූ හෝ මියගිය රෝගීන් හෝ ඔවුන්ගේ ඥාතීන් සිටී නම් වහාම ඉදිරිපත් වන ලෙසට
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අද (03) උදෑසන මාධ්‍ය හමුවක් කැඳවමින් ඉල්ලීමක් කළා.

ඖෂධ ලෙස හැඟවෙන ඖෂධීය නොවන දියර ලබාදීම හෝ විෂ සහිත එන්නත් කිරීම නිසා හෝ මීට පෙර ආබාධිත හෝ රෝගී තත්ත්වයෙන් සිටි පුද්ගලයන්ගේ රෝගී තත්ත්ව වැඩි වර්ධනය වීමක් හෝ මිය යාමක් සිදු වූයේ නම් එය ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති නඩු විධාන සංග්‍රහය යටතේ මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමක් හෝ මනුෂ්‍ය ඝාතනය සිදු කිරීමක් වන බැවින් ඒ සම්බන්ධව නීති අංශ සමග එක්වී නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් සූදානමින් සිටින බවයි වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපතිවරයා පැවසුවේ.

බාල ඖෂධ ලබාදීම නිසා මියගිය හෝ සංකූලතාවයන්ට ලක් වූ රෝගීන් දෙසියකට අධික ප්‍රමාණයක් සිටින බවත් ඔවුන් සම්බන්ධව සත්‍ය තොරතුරු වර්තමාන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඟවන බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙම තොරතුරු සැඟවීම ද අපරාධවලට අනුබල දීමක් වන හෙයින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ද පියවර ගත යුතු බව වෛද්‍ය චමල් සංජීව මහතා පැවසුවා.

ඖෂධයක් තුළ අඩංගු විය යුතු රසායනික සංයෝගය අඩංගු නොවී, ව්‍යාජ දියරයක් ලබාදීම හරහා රෝගියාගේ රෝගී තත්ත්වය උත්සන්න වීම හෝ මරණයට පත්වීම සිදුවන හෙයින් අදාළ ඖෂධය නිෂ්පාදනය කොට වෛද්‍ය සැපයුම් ලබා දී බෙදා හැරීම සම්බන්ධ සියලුම දේශපාලකයින් සහ නිලධාරීන් සම්බන්ධව මිනීමැරීමට අනුබලදීම යටතේ අධිකරණය හමුවේ නඩු ගොනු කළ හැකි බැවින් අගතියට පත්වූ සියලු දෙනාටම ඉදිරිපත් වන ලෙසයි හෙතෙම වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49