හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සෙසු දියණියන් දෙදෙනා සහ බෑණා ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (19) පෙරවරුවේ ඔවුන් ව අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ සිටි අවස්ථාවේදීයි.
මුදල් විශුද්ධීකරණ චෝදනාවක් යටතේ සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි මොවුන් ව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර, කෙහෙළියගේ දියණියන් වන චමිත්‍ර ජයෂිකා රඹුක්වැල්ල, අමාලි නයෂිකා රඹුක්වැල්ල හා බෑණා වන ඉසුරු පුලස්ති යන අය ඇතුළත්.
මේ අතර ඊයේ (18) දිනයේ දී හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දෙවැනි දියණිය ද අත්අඩංගුවට ගැනුණා.
අධිකරණයෙන් ඇප හිමිවුණ ද, ඇප කොන්දේසි සම්පූර්ණ කරලීමට නොහැකි වීම මත ඔවුන් ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි පියවර ගැනුණේ.














යකෝ බලාගෙන ගියාම මේ හොර පවුල රජපස්ස හොර පවුලට දෙවෙනි නෑනෙ.