කෙහෙළියගේ ගිණුම් ශේෂය රු:ලක්ෂ 200 ඉක්ම වූ බැංකු ගිණුම් දෙකක් අත්හිටුවයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ජංගම හා ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක් සතියක කාලයක් සඳහා අත්හිටුවීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නියෝග කර තිබෙනවා.

අදාළ ගිණුම් දෙකෙහි ශේෂයන්හි එකතුව රුපියල් ලක්ෂ 200ක් පමණ වන බව එම කොමිසම සඳහන් කරනවා.

2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතේ 53(1) වගන්තිය ප්‍රකාරව 17 වැනිදා සිට අදාළ අත්හිටුවීම සිදු කිරීමටයි නියෝග කර ඇත්තේ.

එළඹෙන සතියේ දී අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම අත්හිටුවීමේ නියෝගය තවදුරටත් දීර්ඝ කරගැනීමට කොමිෂන් සභාව බලාපොරොත්තු වන බව ද කොමිසම වැඩිදුරටත් සඳහන් කරනවා.

මීට පෙර ද අවස්ථා කිහිපයක දී මෙම විමර්ශනයන්ට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ ඔහුගේ බිරිඳ ඇතුළු ඥාතීන් කිහිපදෙනෙකුගේ බැංකු ගිණුම්, නිවාස ඇතුළු වත්කම් ගණනාවක් අත්හිටුවීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් හිනාවෙන්න ඉස්සරහට අඬන්න වෙනවා - ප්‍රසාද් සර් රිදෙන්නම දෙයි
12:14
Video thumbnail
ආණ්ඩුවට ඡන්දේ දීපු ගොවීන් තමයි පාරට බැහැලා ඉන්නේ
02:25
Video thumbnail
කාන්තාවන් ගැන කියලා ආණ්ඩුවට හොඳටම දෙසපු විපක්ෂ නායක - වැඩ බැරි ආණ්ඩුව කාන්තාව රැවැට්ටුවා
22:14
Video thumbnail
මම පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා යනවා - අර්චුනාගෙන් ප්‍රකාශයක්
02:52
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව
00:59
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු
01:10
Video thumbnail
මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය
00:21
Video thumbnail
විශ්වාසභංග ගේන්නේ දිනන්න නෙමෙයි - බලෂක්ති ඇමතිට යන්න වුණානේ
04:16
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ බිහිසුණු ගින්න
01:05
Video thumbnail
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කිරීමට නියෝගයක්
02:23