කෙහෙළියගේ ඇප පෙත්සම සලකා බැලීම කල්යයි

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ඇපමත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම සඳහා ලබන සඳුදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද (22) දින කොළඹ මහාධිකරණ වනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සමට අදාළ ලේඛන තමන් වෙත ලැබී නොමැති බවයි.

ඒ අනුව, අදාල ලේඛන නීතිපතිවරයා වෙත ලබාදීමට කටයුතු කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දුන් විනිසුරුවරයා අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන සඳුදා කැඳවන ලෙස නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමදාම අපි හිටියේ නිවැරදි තැන - ශිරානි අගවිනිසුරුතුමිය ගෙදර යවන්න යද්දි අපි විරුද්ධ වුණා
01:08
Video thumbnail
159ය හිතන්න පුළුවන් පාර්ලිමේන්තුවේ දිනන්න පුළුවන් කියලා - ජන බලයෙන් මේ පාලනය අපි ගෙදර යවනවා
00:55
Video thumbnail
රටට තියෙන එකම විකල්පය සජබය - කල හැකි හැමදේම අදත් කරනවා හෙටත් කරනවා
01:47
Video thumbnail
සිපිරිගෙයට ගිය නාමල් ගැන ඇමති නලින්ද කට අරියි - අපරාධය කරපු අය තමයි දන්නේ සම්බන්ධය
01:59
Video thumbnail
එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ යැයි කියන නාමල්ගේ නඩු විභාගය සිදුවුණු හැටි - මුදල් දුන් බවට සාක්ෂි නැ
05:17
Video thumbnail
2029 ජනපති නාමල් රාජපක්ෂ..ඒක හදවතින් කියන්නේ - "හිරේ දාලා පොඩි චූන් එකක් ගනිල්ලා"
00:34
Video thumbnail
නාමල් වෙනුවෙන් පෙරට ආ මිනිස්සු - "අපේ සිංහ පැටියා ඇතුළට දැම්මේ - එසේ මෙසේ පුතෙක් නෙවෙයි"
01:56
Video thumbnail
"අපේ සිංහ පැටියා තමයි නාමල් රාජපක්ෂ.. එඩිතර සිංහ පැටියව බය කරන්න බෑ"
00:20
Video thumbnail
"මමනම් හිතන්නේ අනුර, නාමල්ට බය වුණා"
00:20
Video thumbnail
විලංගු වැටුණු නාමල් රාජපක්ෂ වැලිකඩට පැමිණි අයුරු - මෙන්න එම දර්ශන
00:51