spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෙහෙළියගේ ඇප පෙත්සම සලකා බැලීම කල්යයි

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ඇපමත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම සඳහා ලබන සඳුදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද (22) දින කොළඹ මහාධිකරණ වනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සමට අදාළ ලේඛන තමන් වෙත ලැබී නොමැති බවයි.

ඒ අනුව, අදාල ලේඛන නීතිපතිවරයා වෙත ලබාදීමට කටයුතු කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දුන් විනිසුරුවරයා අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන සඳුදා කැඳවන ලෙස නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?