කෙහෙළියගේ ඇප ප්‍රතික්ෂේප වී ජුනි 03 තෙක් හිරේට

පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 03 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කර තිබෙනවා.

එමෙන්ම අදාළ නඩුකරවල සැකකරුවකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා නම් කිරීමට ද මහේස්ත්‍රාත්වරිය විසින් අල්ලස් කොමිසමට අවසර ලබා දෙනු ලැබුවා.

සැකකාර රමිත් රඹුක්වැල්ල මහතාට හෙට (21) දින අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝගයක් නිකුත් කළා.

2021 සහ 2023 අතර කාලසීමාව තුළ ජනමාධ්‍ය ,සෞඛ්‍ය හා පාරිසරික අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයින් පස් දෙනෙකු නාමිකව ඇතුළත් කොට ඔවුන්ට හිමි වැටුප්, දීමනා සහ අතිකාල දීමනා ලබාගෙන ඒවා පිළිමතලාව ප්‍රදේශයේ පෞද්ගලික ගිණුමකට බැර කොට එම මුදල් දේශපාලන ආධාරකරුවන් හා හිතවතුන් අතර බෙදා දීම තුළින් රජයට රුපියල් 8,058,814/- ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් “දූෂණය” නමැති වරද සිදු කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන පැමිණිලි තුනක් අධිකරණය හමුවේ ගොනුකර තිබෙනවා.

මෙම පැමිණිලි අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සැකකරුවකු ලෙස රමිත් රඹුක්වැල්ල මහතා නම් කරන බව දැනුම්දුන්නා.

රමිත් රඹුක්වැල්ල මහතාට ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීම් කර තිබුණ ද ඔහු මෙතෙක් පැමිණ ප්‍රකාශයක් ලබා දී නොමැති බවත් එම නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කර සිටියා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා තම සේවාදායකයා ඇප මත මුදා හැර ලෙස ඉල්ලීමක් කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදු කෙරෙන බැවින් සැකකරුට ඇප ලබා නොදෙන ලෙසයි.

මෙම සිද්ධියට අදාළව පුද්ගලයින් විසි දෙනෙකුගෙන් පමණ තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බවත් මේ අවස්ථාවේදී සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.

මෙම විමර්ශනයට අදාළව තවත් පුද්ගලයින් විසි දෙදෙනකුගේ සාක්ෂි සටහන් කර ගැනීමට නියමිතව ඇති හෙයින් විමර්ශන සඳහා සාධාරණ කාලයක් අවශ්‍ය වනු ඇතැයි පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය අනතුරුව ම සැකකරු ලබන 03 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

ඊට අමතරව මෙම සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම් කර සිටින රමිත් රඹුක්වැල්ල මහතාට අද දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසත් මහේස්ත්‍රත්වරිය විසින් වැඩිදුරටත් නියෝග ක⁣ළා.

වැලිකඩ බන්ධනාගාරය මගින් සැකකාර කෙහෙලිය රඹුක්වැල්ල අධිකරණයට ඉදිරිපත් කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ තරුණියක් ජනපතිව සැරටම අමතයි - අනුරට ඕන ඕන විදිහට කරන්න දෙන්නේ නෑ
09:11
Video thumbnail
ව්‍යවස්ථා සංශෝධන නෙමෙයි, අලුත් ව්‍යවස්ථාවක්ම හදන්න
02:15
Video thumbnail
එදා චාමර සහ අද චාමර - GL ගැන කිව්ව කතා
00:59
Video thumbnail
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස්
05:39
Video thumbnail
ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට යන්නේ - අධිකරණය බාල්දු කරන්න හදනවා
05:56
Video thumbnail
අපි හැමෝම දැන් සතුටින් ඉන්නේ - කනවා නෙමෙයි ලෙව කනවා
07:02
Video thumbnail
ජනාධිපතිට අභියෝගයක් - සජබයේ නව සංවිධායක ගේම ඉල්ලයි
03:47
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට දාපු කින්ඩිය - මේ ආණ්ඩුව මැතිවරණයට බයයි
02:12
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවාට හමුදාපතිගෙන් උත්තමාචාරයක්
06:04
Video thumbnail
'ද ෆිනෑන්ස්' තැන්පත්කරුවන් 6300කට තාම සාධාරණයක් ඉටුවෙලා නෑ
06:21