කෙහෙළියගේ අත්සනක් තවත් නඩුවකට පැටලෙයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය බලශුන්‍යය කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සමේ අන්තර්ගත දිවුරුම් ප්‍රකාශවලට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්සන් කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේ දී රැස්වීම්වලට සහභාගී වන අතරතුර බවත්; එම ක්‍රියාව තුළින් හිටපු අමාත්‍යවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතාවට ලක් කර තිබෙන බවත් නීතිපතිවරයා ඊයේ (27) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

තමන්ට එරෙහිව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අභියෝගයට ලක් කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම ඊයේ යළි සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මේ බව සඳහන් කළා.

මෙම පෙත්සම ඊයේ අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බැලුණා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් විරෝධතා ඉදිරිපත් කළා.

ඖෂධ හිඟයක් රට තුළ පවතින බවට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් අමාත්‍ය මණ්ඩලය නොමග යවා ප්‍රශ්නගත ඖෂධ මිල දී ගැනීමට පෙත්සම්කරු විසින් කටයුතු කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානියා වශයෙන් එම අමාත්‍යාංශය ගනු ලැබූ සියලු තීන්දු තීරණවලට වගකීමට පෙත්සම්කරු බැඳී සිටින බවත් ඔහු කියා සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට එරෙහි ව කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇති බවත් එසේ ඉහළ අධිකරණයක නඩුකරයක් ගොනුකර තිබියදී ඒ හා සමාන නඩුකරයක් අභියාචනාධිකරණය හමුවේ ගොනු කිරීම තුළින් ඔහු අධිකරණ ක්‍රියාදාමය අවභාවිතාවට ලක් කර තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා චෝදනා කළා.

මෙම නඩුකරයට අදාළ දිවුරුම් ප්‍රකාශවලට කෙහෙලිය රඹුක්වැල්ල මහතා අත්සන් කර තිබෙන්නේ පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී වී සිටි අතරතුර යැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතාවට ලක් කිරීමක් බවත් චෝදනා කර සිටියා.

බන්ධනාගාරගතව සිටින සැකකරුවකු දිවුරුම් පෙත්සම්වලට අත්සන් කිරීම සිදු කළ යුත්තේ බන්ධනාගාර නිලධාරියෙකු ඉදිරිපිට වුවත් පෙත්සම්කරු එම නීතිමය ක්‍රියා පටිපාටියට පරිබාහිර ව පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වූ අතරතුර එම දිවුරුම් ප්‍රකාශවලට අත්සන් කිරීම හරහා ඔහු බන්ධනාගාර පනත යටතේ වරදක් සිදුකර ඇති බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියා.

පෙත්සම්කාර හිටපු අමාත්‍යවරයා රිමාන්ඩ් භාරයට පත් කළ දා සිට බන්ධනාගාර රෝහලට ඇතුළත්ව සිටින බවත් ඔහුට බන්ධනාගාර රෝහලේ දී එම දිවුරුම් ප්‍රකාශවලට අත්සන් කිරීමට ඕනෑ තරම් අවස්ථාව තිබූ බවත් ඔහු සඳහන් කර සිටියා.

එම අවස්ථාවේ දී විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ දේශපාලනඥයෙකු රක්ෂිත බන්ධනාගාරගත කළ සෑම අවස්ථාවක ම ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් වීම දක්නට ලැබෙන බවත් මෙවැනි ක්‍රියා තුළින් අධිකරණය සහ බන්ධනාගාරය කෙරෙහි පවතින මහජන විශ්වාසය කඩවීමක් සිදුවන බවයි.

මෙවැනි ක්‍රියා මහජනතාවගේ උදහසට මෙන්ම හාස්‍යයට ලක් වී තිබෙන බවත් විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම සලකා බැලීම ලබන 01 වනදා දක්වා කල් තැබුවා.

  1. අමාත්‍ය වරයෙක් වශයෙන් කෙහෙලිය කර ඇත්තේ, හොරකම, වංචාව, දූෂණය පමනක්ම ද?, රටට, ජාතියට සේවය කරන බවට දිවුරා පොරොන්දුවී භාරගත්මා අමාත්‍ය තනතුරට අදාල කුමන හෝ රාජකාරියක් කර තිබේද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39