spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෙහෙළියව අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා මහජන පෙත්සමක් (වීඩියෝ)

රක්ෂිත බන්ධනාගාරගත කළ කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා මහජන පෙත්සමකට අද (05) දින අත්සන් තැබුණා.

ඒ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී.

ඉමියුනෝග්ලොබියුලීන් වංචාවට අදාලව අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය සිකුරාදා රක්ෂිත බන්ධාගාරගත කෙරුණා.

ඔහු මේ වන විට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබනවා.

චෝදනාවට ලක් වූ කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා මහජන පෙත්සමකට අත්සන් තැබීම අද පෙරවරුවේ ආරම්භ වුණේ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී.

එය සංවිධාන කර තිබුණේ ජාතික සිවිල් සංවිධාන පෙරමුණ සමඟ බහුජන සංවිධාන ඒකාබද්ධවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?