කෙහෙල්බද්දර පද්මේ ගැන විමර්ශන වාර්තාවක් උසාවියට

පසුගියදා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තාවක් පොලිසිය විසින් අද (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා හමුවට මෙම වාර්තාව ඉදිරිපත් කරනු ලැබුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට එම වාර්තාව ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ සඳහන් කළේ අදාළ සැකකරු රැඳවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශන සිදුකරන බවයි.

තවද ගණේමුල්ල සංජීව ඝාතනයට මෙම සැකකරු සම්බන්ධ දැයි වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිසිය මෙහිදී අධිකරණය හමුවේ පැවසුවේ.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා රඳවාගෙන සිටින මෙම සැකකරු මහේස්ත්‍රාත්වරයෙකු විසින් නිරීක්ෂණය කර තිබේ දැයි පොලීසියෙන් විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් විමර්ශන නිලධාරීන් සඳහන් කළේ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම සැකකරු නිරීක්ෂණයට ලක් කර තිබෙන බවයි.

ඒ,අනුව මෙම සැකකරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකර එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් අතිරේක මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18