කෙහෙල්බද්දර පද්මෙට හොර පාස්පෝට් ගන්න ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ ව්‍යාජ ලෙස විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමය උත්සාහ කළ දෙදෙනෙක් තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 32 සහ 51 යන වයස්වල පසුවන මාලිගාකන්ද හා ඇහැළියගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුව වන අතර, ඔවුන් බත්තරමුල්ල සහ කොහුවල යන ප්‍රදේශවල පිහිටි ස්ටූඩියෝ දෙකක හිමිකරුවන්.

මෙම සැකරුවන් විසින් දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෝරාළගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ යන අයගේ ඡායාරූප වට්සැප් මගින් ලබාගෙන එය සංස්කරණය කර විදෙස් ගමන් බලපත්‍ර සැකසීම සඳහා ව්‍යාජ ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

විමර්ශන වල දී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ විසින් 2014 වර්ෂයේ ලබාගෙන තිබූ විදෙස් ගමන් බලපත්‍රයකින් 2021 වසරේ විදෙස් ගතව ඇති බවයි.

එම විදෙස් ගමන් බලපත්‍රය 2024 වසරේ කල් ඉකුත්වීම මත ඔහු විදේශ ගතව සිටිය දී ඔහුගේ ඡායාරුපය සහ තොරතුරු ව්‍යාජ ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමුකර එක්දින සේවාව මඟින් 2024 වසරේ දී වංචනික ලෙස නව විදෙස් ගමන් බලපත්‍රයක් ද, ඔහුගේ ඡායාරූපය ඇතුළත් කර වෙනත් නම් දෙකකින් 2025 වසරේ දී ව්‍යාජ ලෙස විදෙස් ගමන් බලපත්‍ර දෙකක් ද ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනා ඊයේ (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53