කෙහෙල්බද්දර පද්මෙට පාස්පෝට් හැදූ බවට චෝදනා එල්ල වූ පාස්පෝට් පාලකවරයා රිමාන්ඩ්

ප්‍රබල පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන මේ වන විට ඩුබායි රටෙහි සැඟව සිටින කෙහෙල්බද්දර පද්මේ නමැත්තා වෙනුවෙන් විදෙස් ගමන් බලපත්‍ර සකස් කරදීමට අධාර අනුබලදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු වන අරුණ සම්පත් රූපසිංහ නමැත්තකු මෙම මස 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (27) නියෝග කළා.

අත්අඩංගුවට ගත් සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද අත්අඩංගුවට ගෙන අධිකරණ නිල මැදිරිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

මෙම ප්‍රබල පෙළේ අපරාධකරුවා භාවිතා කළ විදේශ ගමන් බලපත්‍රය 2024 නොවැම්බර් මස 9 වන දින කල් ඉකුත්ව තිබී ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් විමර්ශන නිලධාරීහු මේ බව අධිකරණයට දන්වා සිටියා.

කෙහෙල්බද්දර පද්මේ නමැති එම අපරාධකරුවා ආගමන විගමන දෙපාර්තමේන්තුව හමුවේ භෞතිකව පෙනී නොසිටි තත්ත්වයක් හමුවේ ඔහු වෙනුවෙන් විදේශ ගමන් බලපත්‍රයේ සකස් කරදීමට මෙම සැකකාර පුද්ගලයා ආධාර අනුබල ලබා දී ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී අනාවරණය වූ බව ද එම නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්නා.

ව්‍යාජ තොරතුරු සහිතව ඉදිරිපත් කරන ලද අයදුම් පතකට අනුව සැකකරු එම ගමන් බලපත්‍රය සකස් කිරීමට කටයුතු කර ඇති බව ද විමර්ශන නිලධාරීහු පැවසුවා.

ඒ අනුව කෙහෙල් බද්දර පද්මේ නමැත්තාගේ කල් ඉකුත්වී ඇති විදේශ ගමන් බලපත්‍රය සැකකරු විසින් යාවත්කාලීන කර ඇති බව ද විමර්ශන නිලධාරීන් පැවසුවා.

කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ විදේශ ගමන් බලපත්‍රය සැකසීමට අවශ්‍ය ඡායාරූප සැකකාර පුද්ගලයා විසින් බත්තරමුල්ල ප්‍රදේශයේ ඇති ඡායාරූප ආයතනයක් මගින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ගෙන්වාගෙන ඇති බවට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අතිරේක පාලක ජෙනරාල්වරයා විසින් ප්‍රකාශ ලබාදෙමින් පවසා ඇති බව ද එම නිලධාරිහු අධිකරණයට පෙන්වා දුන්නා.

මෙම විදේශ ගමන් බලපත්‍රය සැකසීමට අවශ්‍ය කරන ඡායාරූප තීරු මැදුර නාලක සිල්වා නමැත්තා යොමු කර ඇති බවට විමර්ශනවල දී කරුණු අනාවරණය වී ඇති බව විමර්ශන නිලධාරිහු අධිකරණයට කරුණු දක්වමින් පැවසුවා.

එම විදේශ ගමන් බලපත්‍රයේ සැකසීමට අවශ්‍ය කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ ඇඟිලි සලකුණු සටහන් සැකකරු විසින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ගෙන්වාගෙන ඇති නමුත් ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනවල දී එම ඇඟිලි සලකුණු සටහන් කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ ඇඟිලි සලකුණු බවට අනාවරණය නොවූ බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දන්වා සිටියා.

විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කිරීමේ ක්‍රමවේදයෙන් තොරව මෙම සැකකරු නීතිවිරෝධී අයුරින් තවත් විදේශ ගමන් බලපත්‍ර දෙකක් සකස් කර ඇති බවට සිදු කරන ලද විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්නා.

ඒ පිළිබඳව සිදු කරන විමර්ශන අවසන්ව නැති බවත් සැකකරුට ඇප ලබා දුනහොත් මෙම සිද්ධියේ ඉදිරි විමර්ශනවලට මෙන්ම සාක්ෂිකරුවන්ට ද බලපෑමක් සිදුවිය හැකි බැවින් සැකකරු රක්ෂිත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ද ඉල්ලා සිටියා.

ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් සැකකරු වෙනුවෙන් පෙනී සිටිමින් අධිකරණය හමුවේ කරුණු දැක්වූවා.

තම සේවාදායකයා සිය සේවා කාලය ඇතුළත විදෙස් ගමන් බලපත්‍ර එක් ලක්ෂ පනස් තුන්දාස් හයසියයකට අධික සංඛ්‍යාවක් සකස් කර ඇති නමුත් එම කිසිදු විදෙස් ගමන් බලපත්‍රයක් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු පැමිණිල්ලක් හෝ ගැටලුවක් පැන නැගී නැති බව ද සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ පැවසුවා.

තම සේවාදායකයා එම ආයතනය තුළ කීර්ති නාමයක් දිනාගත් රාජ්‍ය සේවකයෙක් බවත් ඒ පිළිබඳව අවධානය යොමු කර තම සේවාදායකයාට ඇප මත මුදා හරින ලෙස ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

දෙපාර්ශ්වය අධිකරණය හමුවේ දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර සිද්ධියට අදාළ ප්‍රගති වාර්තාවක් එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට විමර්ශන නිලධාරීන්ට නියෝග කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18