spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෙසෙල් කැන් කැපූ දෙදෙනෙකුට වසරක බරපතළ සිර දඬුවමක්

ඉඩමකට අයුතු ලෙස ඇතුල් වී රුපියල් 3500 ක් වටිනා කෙසෙල් කැන් සහ සොරබඩු පැහැරගෙන යෑම යන චෝදනා දෙකට වරදකරු වූ විත්තිකරුවන් දෙදෙනෙකුට,මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය අද බරපතල වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කරනු ලැබුවා.

මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය අද එම දඬුවම නියම කළේ කටුනායක ,ආඩිඅම්බලම,සරණතිස්ස ගම ප්‍රදේශයේ පදිංචි විත්තිකරුවන් දෙදෙනෙකුටයි.

විත්තිකරුවන්ගේ පෙර වැරදි නොමැති නිසා නියම කළ එම බරපතළ වැඩ සහිත සිර දඬුවම වසර දහයකට අත්හිටුවන ලෙසට නියම කෙරුණු අතර එම වසර 10තුළ යහපත් කල්ක්‍රියාවෙන් සිටින ලෙසට විත්තිකරුවන්ට විනිසුරුවරිය දැනුම් දුන්නා.

2020 වර්ෂයේ සැප්තැම්බර් මස 22 හෝ ඊට ආසන්න දිනයකදී කටුනායක ,වල්පොල ප්‍රදේශයේ දී විත්තිකරුවන් විසින් ඉහත සොරකම සිදුකර ඇති බව අධිකරණයේදී අනාවරණය වූණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?