කෙවිටියාගල කලුවා අත්අඩංගුවට

ප්‍රදේශ රැසකට මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ කෙවිටියාගල කලුවා නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පොල්ගම්පල, කෙවිටියාගල, මොරගල,මීගහතැන්න මෙන්ම පැලවත්ත ඇතුලු ප්‍රදේශවල දීර්ඝ කාලයක් පුරා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවී සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මීගහතැන්න පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් සිදු කළ විශේෂ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ නිවස ආසන්නයේදීයි.

සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් මෙන්ම අයිස් සහ කේරළ ගංජා ද සොයාගෙන ඇතැයි සඳහන්.

29 හැවිරිදි සැකකරු මීට පෙර ද මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට අදාළ නඩු ද විභාග වෙමින් පවතිනවා.

සැකකරු දීර්ඝ කාලයක් පුරා ඉතා සූක්ෂමව මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරගෙන ගොස් ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මෙම පුද්ගලයා අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මීගහතැන්න පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33