“කෙනෙක් ජීවිතේ නැති කරගත්තට පස්සේ එයා වෙනුවෙන් අඬලා වැඩක් නෑ” – ශලනි පරණ මතක අවුස්සයි

ශලනි තාරකා කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ වාර්තා පිට වාර්තා තබමින් සම්මානයෙන් පිදුම් ලැබූ දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය විසින් වසර 20කට වඩා පැරණි වාර්තාවක් බිඳ හෙළන්නේ එක්තරා අවස්ථාවක සම්මාන උළෙලකදී දක්ෂතම සහ ජනප්‍රියතම නිළිය යන තේමාවන් දෙක යටතේ සම්මානයෙන් පිදුම් ලැබීමට වාසනාවන්ත වීමත් සමගයි.

මේ දවස් වල අපිට ඇයව බොහෝ දුරට දැකබලා ගන්නට ඉඩකඩ තියෙන්නේ කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ස්නේහා කියන චරිතය සහ චලෝ ටෙලි නාට්‍යය තුළින්. ඉතින් මේ ටෙලි නාට්‍යය දෙකටම මේ වෙද්දි ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.

ඒ වගේම ඇය විසින් රංගනයෙන් දායක වූ ගිරි දේවි, අග්නි පියාපත් සහ අඩෝ කියන ටෙළි නිර්මාණයන් ශලනිගේ රංගන ජීවිතයේ විශිෂ්ටම නිර්මාණයන් අතරින් කීපයක්. ඒ වගේම තමයි මෑතකදී හිරු නාලිකාවේ විකාශය වූ සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ සත්සරනිගේ චරිතය කළේ ශලනි.

නමුත් ඇය මේ වෙද්දි ඒ චරිතයෙන් අයින් වෙලා. කොහොමෙන් කොහොම හරි ඉතාමත් කාර්යබහුල ජීවිතයක් ගතකරන ශලනි මාසෙකට ටෙලි නාට්‍ය දෙක තුනක රංගන කටයුතු වල නිරත වෙනවා. ඒ පිළිබඳව ඇය අදහස් දැක්වූයේ වෙලාවකට පාලනය කරගන්නට අපහසු වුණත් ඒ සියලු නිර්මාණයන් වලට තමන්ගේ උපරිම රංගන දායකත්වය ලබා දෙන්න ඇය අමතක කරන්නේ නැහැ කියලයි.

ඉතිං පසුගිය කාල වකවානුව තුළදී යම් යම් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට ඇයට සිදු වුණා. කාලයක් එම සිදුවීම් නිසාම කඩාගෙන වැටුණු ඇය බොහෝ රසික රසිකාවියන්ගේ විවේචනයන්ට බදුන් වුනා. නමුත් එය සියලුම නින්දා අපහාස සම සිතින් විඳ දරා ගත් ඇය ඇයගේම ශක්තියෙන් නැවත නැගී සිටියා. ඒ නිසාම තමයි මේ වන විට ඇය රටේම ඉන්න ජනතාවගේ ආදරය සහ ආකර්ෂණය දිනා ගෙන සිටින්නේ. ඉතින් පසුගිය දිනක දී ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක් තුළ දී හරි අපූරු කතාවක් කියනවා.

“සමහර අයට දැනෙනවා පුදුමාකාර තනිකමක්. කොච්චර මිනිස්සු වටවෙලා හිටියත් ඒක කියා ගන්න බැරි තනිකමක්. එතකොට තමන්ට ඇතුලෙ තියෙන ප්‍රශ්නයක් නිරාකරණය කරන්න තමන්ට හොඳ කල්‍යාණ මිත්‍රයෙක් නැත්නම්, බෙදා ගන්න හොඳ සහෝදරයෙක් දෙමාපියෙක් නැත්නම් ඒ කෙනා එතනදී අසරණ වෙනවා. මොකද කෙනෙක් ජීවිතේ නැති කර ගත්තට පස්සේ ඒ කෙනා වෙනුවෙන් අඬලා දොඩලා කවි ලියල බණ කියන වැඩක් නෑ. මොන පින කරත් වැඩක් නෑ. ඒ කෙනා ඉන්න කාලේ ඒ කෙනා වෙනුවෙන් කතා කරේ වත් ඒ කෙනාව හොයලා බැලුවෙ වත් නැත්නම්.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32