කෙන්යාවේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීට පූර්ණ හමුදා ගෞරව පිරිනැමේ (ඡායාරූප)

කෙන්යාවේ ආරක්‍ෂක අංශ ප්‍රධානී (CDF) ජෙනරල් Francis Omondi Ogolla විසින් සිදුකළ ආරාධනයකට අනුව මෙරට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කෙන්යාවේ නිල සංචාරයක නිරත වුණා.

අති ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මඟපෙන්වීම අනුව ශ්‍රී ලංකාව සහ අප්‍රිකානු කලාපීය රටවල් අතර ආරක්‍ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාධ්‍ය අංශය පවසයි.

කෙන්යාව වෙත පැමිණි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, එරට ආරක්‍ෂක අංශ ප්‍රධානී ජෙනරල් Ogolla සහ ගුවන් හමුදාපතිවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළි ගනු ලැබූ අතර, එම අවස්ථාවේදී කෙන්යානු ගුවන් හමුදා සාමාජිකයන්ගෙන් සැදුම්ලත් විශේෂ සම්මාන මුරයක් විසින් පුර්ණ හමුදා ගෞරව පුද කරනු ලැබුවා.

මෙම පිළිගැනීම ඔස්සේ ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර පවතින අන්‍යොන්‍ය මිත්‍රත්වය සහ ගෞරවය විදහා දැක්වෙන අතර නිල සංචාරය මගින් දෙරටේ සහයෝගිතාවය සඳහා ශක්තිමත් පදනමක් සැකසෙන බව පිළිබිඹු වෙයි.

උත්සවය අතරතුර, කෙන්යාවේ ආරක්‍ෂක අංශ ප්‍රධානී විසින් එරට ආරක්‍ෂක අංශ උප ප්‍රධානී, ලුතිනන් ජෙනරල් Charles Kahariri මෙන්ම යුධ සහ ගුවන් හමුදාපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි වෙත හඳුන්වා දුන් අතර තවද කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අති ගරු වේළුපිල්ලෙයි කනනාදන් මැතිතුමා ද මෙම අවස්ථාවට එක් වූ බව මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

ජෙනරල් සිල්වාගේ මෙම කෙන්යාවේ නිල සංචාරය, ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර ආරක්‍ෂක සබඳතා ඉහළ නැංවීමේ ප්‍රධාන සන්ධිස්ථානයක් නියෝජනය කරන අතර එමගින් අනාගතයේදී තවදුරටත් සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා මංපෙත් විවර කරයි.

WhatsApp Image 2024 03 27 at 9.22.30 AM 1
WhatsApp Image 2024 03 27 at 9.22.46 AM 1
WhatsApp Image 2024 03 27 at 9.22.46 AM
WhatsApp Image 2024 03 27 at 9.22.45 AM
WhatsApp Image 2024 03 27 at 9.22.44 AM
WhatsApp Image 2024 03 27 at 9.22.42 AM
WhatsApp Image 2024 03 27 at 9.22.38 AM
WhatsApp Image 2024 03 27 at 9.22.37 AM
WhatsApp Image 2024 03 27 at 9.22.36 AM
WhatsApp Image 2024 03 27 at 9.22.31 AM 1
WhatsApp Image 2024 03 27 at 9.22.31 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉල්ලා අස් වෙන්නේ නැත්තම් අස් කරන්න - කිසිවක් නොකර නිදා ගැනීම ගැන ඇමති වග කියන්න ඕනි
06:14
Video thumbnail
කවුරුත් නොදන්න හිටපු පොලිස්පති CD වික්‍රමරත්නගේ කතාව මෙන්න
03:14
Video thumbnail
මැදපෙරදිග යුද්දය නිසා ඉන්ධන මිල ඉහළ යයිද ? යුද්දයට කළින් තිබ්බ මිලට එන්නේ නෑ
03:50
Video thumbnail
අපිට සුළු පක්ෂවලට සලකන්න බෑ..සහයෝගය දුන්නට ආණ්ඩුවට ගන්නේ නෑ
03:01
Video thumbnail
හිටපු පොලිස්පතිගේ සිද්ධියේ සුලමුළ හොයන්න DIGත් එයි - මෙන්න දැන් ලැබුණු නවතම දර්ශන
01:46
Video thumbnail
ආණ්ඩුවට ජනප්‍රසාදය වැඩිවෙනකොට විපක්ෂය දැන් දෙදරුම් කනවා - සජිත්ට යන එන මං නැතිවෙයිද ?
01:35
Video thumbnail
අම්මා තාත්තගේ අහුවුණත් වුණත්..ආයේ Chance එකක් නෑ - PHI නිලධාරින් සැර වෙයි
06:23
Video thumbnail
අපිට ලැජ්ජයි..ඔයාලා තමයි රටේ සා#පය - මෙහෙම ගියොත් රට බංකොළොත් වෙනවා
09:15
Video thumbnail
හිටපු පොලිස්පතිගේ සිද්ධියේ පරීක්ෂණ කටයුතු වෙන අයුරු - තවත් පොලිස් නිලධාරින් පැමිණෙයි
01:45
Video thumbnail
සී.ඩී වික්‍රමරත්නගේ දේහය කොළඹ නැගෙනහිර මූලික රෝහලට - මෙන්න නිවසේ නවතම දර්ශන
01:46