spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෙටි පණිවිඩවලට රැවටෙන්න එපා

තම දෙපාර්තුමේන්තුව මගින් පාරිභෝගිකයන් හට දෙස් විදෙස් පැකේජ ලැබුණු බවට දන්වා කෙටි පණිවිඩයක් නොඑවන බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ව්‍යාජ වෙබ් අඩවි සහ තාක්ෂණික පද්ධති භාවිත කරමින් ව්‍යාජ අංක භාවිත කරමින් පුද්ගලයන් රවටා ගන්නා බවට පැමිණිලි ලැබී ඇති බවයි.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නම සහ නිල වෙබ් අඩවියේ ලිපිනය අනිසි ලෙස භාවිත කරමින් මෙම වංචාව සිදුවන බව අනාවරණය වී තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පැහැදිලි කර ඇත්තේ තම දෙපාර්තමේන්තුව මගින් එවන කෙටි පණිවුඩ මගින් බැංකු කාඩ්පත් සහ ක්‍රෙඩිට් කාඩ් තොරතුරු කිසිවිටෙකත් ඉල්ලා නොසිටින බවයි.

image 39
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?