“කෙකර ගාන තරමට බිත්තරේ එච්චර සයිස් නැහැ” – අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක් විසින් හෙට (21) දිනයේදී සංවිධානය කර තිබෙන ආණ්ඩුවට විරෝධය දක්වන රැළිය සම්බන්ධයෙන් අමත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවතී උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.

“කෙකර ගාන තරමට බිත්තරේ එච්චර සයිස් නැහැ. මාස ගානක් කෙකර ගාලා මේ රැස්වීමක් තියන්නනේ. සාමාන්‍යයෙන් අපි රැස්වීමක් තියන්න ඔච්චර කෙකර ගාන්නේ නැහැ. රැස්වීම තියෙන්න ඕනේ කෙකරගෑමේ හැටියට මුළු කොළඹම වැහෙන්න. 21 පස්සේ නොයෙක් හේතු කියයි. වැස්ස නිසා සෙනඟ ආවේ නෑ කියාවි.” යැයි අමාත්‍යවරයා එහිදී කියා සිටියා.