කෘෂි නවීකරණ වැඩසටහන සාර්ථක කරගැනීමට ජාතික වැඩසටහනක් සකස් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

කෘෂිකර්මාන්තය නවීකරණ කිරීමේ ප්‍රයත්නයන් සාර්ථක කර ගැනීම අරමුණු කරගත් පුළුල් ජාතික වැඩසටහනක් සකස් කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර සහයෝගයෙන් කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.

අයවැය මඟින් ජාතික, පළාත් සහ ප්‍රාදේශීය මට්ටමින් වාර්ෂිකව ප්‍රතිපාදන වෙන් කළ ද රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙන් වෙන් වශයෙන් කටයුතු කිරීම හේතුවෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීම ප්‍රමාද වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී මුහුණ දෙන අභියෝග ජයගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික කෘෂි පර්යේෂණ ආයතන මෙන්ම විශ්වවිද්‍යාල පද්ධතියේ ද සහාය ලබාගැනීමේ වැදගත්කම අවධාරණය කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කර සිටියේ ජනාධිපති කාර්යාලයේ දී පසුගියදා පැවති කෘෂිකර්ම නවීකරණ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින්.

රාජ්‍ය ප්‍රතිපත්තිවලට ගැළපෙන ලෙස බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි මෙම ජාතික වැඩසටහන සකස් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහපෙන්වා දුන් අතර, ඊට අදාළ ව්‍යාපෘති 26 කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ද අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

රාජ්‍ය හා පෞද්ගලික අංශය මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කෘෂි ව්‍යවසායකයන්ගෙන් සමන්විත ඒකාබද්ධ වැඩසටහනක් මඟින් මෙම අභියෝගය ජයගත හැකි බවත් එතුළින් කෘෂි අපනයන ආර්ථිකයක් ස්ථාපිත කිරීම තම අභිප්‍රාය බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය සම්බන්ධව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනානායක විසින් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ අතර, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී කෘෂිකර්මය වාණිජ මට්ටමකට ගෙන ඒම, කෘෂි ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම සහ කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන පිරිස් උනන්දු කරවීම සඳහා එම භූමිවල ඉඩම් හිමිකාරීත්වය ලබාදීම සිදුවිය යුතු බව පෙන්වා දුන්නා.

කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාවට නැංවීමේ දී මතුවන විවිධ බාධා හා සීමාවන් විසඳා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ සභාපතීත්වයෙන් කැබිනට් අනු කමිටුවක් පිහිටුවීම අපේක්ෂා කරන බවද ඒ ඔහු පැවසුවා.

තවද මේ වන විට දිස්ත්‍රික්ක 25න්ම තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26ක නියමු ව්‍යාපෘති ආරම්භ කර ඇති බව සඳහන් කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිනි සේනානායක කෘෂි නවීකරණ ව්‍යාපෘති සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම රුපියල් මිලියන 25ක් වෙන් කර ඇති බව සඳහන් කළා.

මේ වන විටත් තෝරාගත් සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් ව්‍යාපෘති යෝජනා ලැබී ඇති බව ද ඔහු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි - ගල් අඟුරු සැපයීමට සමාගම් දෙකකට දෙනවා
04:47
Video thumbnail
මේ වගේ පිස්සෝ ටිකක් මන් කොහේවත් දැකලා නෑ
06:38
Video thumbnail
බන්ධනාගාරවල කැරලි හැදෙන විදියට ආණ්ඩුව වටපිටාව හැඳුවා ? පොහොට්ටුවෙන් ආණ්ඩුවට සැර සත්තමක්
15:29
Video thumbnail
ගැමුණුගේ කතාවට නලින්ද උත්තර දෙයි
06:47
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02