කෘෂි නවීකරණයට කාර්ය සාධක බලකායක්

කෘෂිකර්ම අංශය නවීකරණය කිරීම හරහා මෙරට කෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමේ සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

කෘෂිකර්මයට සම්බන්ධ ගැටලු කාර්යක්ෂමව විසඳා ගැනීම වෙනුවෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා කියාසිටියේ කෘෂිකර්ම, වැවිලි, වාරිමාර්ග සහ මහවැලි සංවර්ධන යන අමාත්‍යාංශ ඒකාබද්ධ කර පෞද්ගලික අංශය ද නියෝජනය වන පරිදි මෙම කාර්ය සාධක බලකාය ස්ථාපිත කරන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ “කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීම” පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමින්.

කෘෂි නවීකරණ ලේකම් කාර්යාලය පිහිටුවීම, එහි ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳ වාර්තාවක් සති දෙකක් ඇතුළත ලබා දෙන ලෙස ද මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා එම කටයුතු සඳහා අවශ්‍ය නම් පාර්ලිමේන්තු කමිටුවක් පත්කර ගැනීමේ හැකියාව ද පෙන්වා දෙනු ලැබුවා.

කෘෂිකර්මාන්තය යනු මෙරට ආර්ථිකයේ ප්‍රධාන සාධකයක් බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ එය එක් අමාත්‍යාංශයකට හෝ ආයතනය කිහිපයකට පමණක් සීමා නොවන බවත් රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ද නිසි සම්බන්ධීකරණයකින් යුතුව එම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කළයුතු බවයි.

එමෙන්ම පැරණි ක්‍රමවේදවලින් බැහැරව වඩා සාර්ථක ප්‍රතිලාභ අත්කරගත හැකි අන්දමින් අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ කෘෂි නවීකරණ වැඩසටහන ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

මෙතෙක් සිදු වූයේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් වෙන් කළ ප්‍රතිපාදන නිකරුනේ වැය වීම පමණක් බවත් ඉන් රටට නිසි ප්‍රතිලාභයක් හිමිව නොමැති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා නිසි කළමනාකරණයකින් යුතුව ඉදිරි කෘෂි සැලසුම් ක්‍රියාවට නැංවිමේ අවශ්‍යතාව ද පැහැදිළි කරනු ලැබුවා.

වී සහ අනෙකුත් බෝගවලට ප්‍රමුඛත්වය ලබාදෙමින් කෘෂි සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීමට උපදෙස් දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ පළාත් නවයෙහි පවතින සම්පත් ඒ සඳහා භාවිතයට ගැනීමටත්, එම සැලසුම් ක්‍රියාවට නැංවිමේ දී අදාළ අමාත්‍යාංශ, විශ්වවිද්‍යාල සහ අනෙකුත් පර්යේෂණ ආයතනවල විශේෂඥ දැනුම ලබා ගන්නා ලෙසටයි.

ඒ ඒ කන්නවලට ගැළපෙන වී වර්ග වගා කිරීම, අදාළ බෝග සඳහා විශේෂඥතාව ඇති ආයතනවලින් දැනුම ලබා ගැනීම, ගුණාත්මක බීජ වර්ග සපයා ගැනීම වැනි කටයුතු පිළිබඳ අවධානය යොමු කළයුතු බවත් රටපුරා පවතින ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා සුළු පරිමාණ ගොවීන්ට අවශ්‍ය නවීන තාක්ෂණික දැනුම ලබාදීමේ වැඩසටහනක් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

එසේම නවීන කෘෂි උපකරණ නිෂ්පාදනය කරන තායිලන්තය වැනි රටවල සහාය ලබා ගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද ඔහු නිලධාරින්ට දැනුම් දෙනු ලැබුවා.

කෘෂි සංවර්ධන වැඩසටහන සඳහා පුද්ගලික අංශයේ ව්‍යවසායකයන් සම්බන්ධ කර ගැනීමෙන් වඩා ඉහළ ප්‍රතිලාභ සැලසෙනවා මෙන්ම එමගින් තිරසාර කෘෂිකර්මාන්තයක් රට තුළ ගොඩනැගීය හැකි බවද පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතා කියාසිටියේ දේශගුණික විපර්යාස පිළිබඳ ඉලක්ක සපුරාගත හැකි අන්දමින් මෙම සියලු කටයුතු ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවත්, විධිමත් ජල කළමනාකරණයක් පවත්වාගෙන යාම වැදගත් බවයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා මෙහිදී අදහස් දක්වමින්, එක් එක් ප්‍රදේශයන්ට ආවේණික බෝග වගාවන් ග්‍රාමිය වශයෙන් ප්‍රවර්ධනය කිරීම සහ නව තාක්ෂණය පිළිබඳ ගොවිජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම පෙන්වා දෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34