කෘෂි උපදෙස් අනුව කටයුතු නොකළහොත් මින් ඉදිරියට වගා හානි වන්දි නෑ

නියඟය සහ ගංවතුර හේතුවෙන් වගා හානි සිදු වූ ගොවීන්ට හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂය බැඟින් වන්දි ලබාදෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

වන්දි මුදල් ගෙවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බවත්, ඊට කඩිනමින් මූල්‍ය ප්‍රතිපාදන හිමිවන බව අමාත්‍යවරයා සඳහන් කළා.

සාක් කලාපීය කෘෂිකර්ම සංවර්ධනය පිළිබඳව ගන්නෝරුව ප්‍රදේශයේ දී අද (28) පැවැති සාකච්ඡාවකින් අනතුරුව අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

වගා හානි සඳහා වන්දි ගෙවීම වසරක පමණ කාලක් ප්‍රමාද වී සිදුවන නමුත් මෙවර විශේෂත්වයක්සේ සලකා කඩිනමින් වන්දි ලබාදෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර මින් ඉදිරියට වගා හානි සඳහා වන්දි ලබාදෙන්නේ නියමිත දිනට වගාව ආරම්භ කළ ගොවියන්ට පමණක් බව ද ඔහු මෙහි දී සඳහන් කර සිටියා.

වර්ෂාව ඇද හැලෙන බැවින් වගාව මේ වන විට ආරම්භ කළ යුතු බව කී අමාත්‍යවරයා ඉදිරියේ දී සිදුවිය හැකි ජල හිඟයට මුහුණදීමට නම් නියමිත වගා කාලසටහන් අනුගමනය කළ යුතු බවද පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40