spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෘෂි ඇමතිගේ පොහොර කථාව…

මහ කන්නය සඳහා රසායනික පොහොර යෙදීමට හැකියාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටිනවා. අමාත්‍යවරයා කියා සිටියේ කෘෂිකර්ම අමාත්‍යංශය ආරම්භ කළ කාබනික පොහොර වැඩසටහන සඳහා සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යංශ මෙන්ම ජනාධිපති කාර්යසාධක බලකාය ද තමා වෙත කිසිදු සහයක් ලබානොදුන් බවයි.එම නිසා මෙම මුළු මහත් ක්‍රියාවලියම තමන්ට කරගෙන යෑමට සිදු වූ බව ඔහු පෙන්වා දෙනවා.

චීන පොහොර නැව සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.මෙහිදි කිසිදු දඩ ගෙවීමක් සිදු නොවුන බවත් සිදුවූ එකම වෙනස තත්ව පරික්ශාව අසමත් වීම නිසා නැවත් වරක් චීනයට යවා තත්වයෙන් ඉහල පොහොර ගෙන්වා ගැනීමට සිදු වූ නිසා කාලයේ වෙනසක් ඇති වීම පමණක් බව ඔහු කියා සිටියේ.

රජය ඉල්ලා සිටින නියමිත ප්‍රමිතියෙන් යුත් පොහොර තත්ත්ව පරීක්ෂාවකින් පසු දිවයිනට ගොඩබෑමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?