කෘෂිකර්ම ඇමති මහින්දානන්දගෙන් උතුරේ තරුණයන්ට ලැබුණු දේ

උතුරු පළාතේ උතුරේ තරුණ පිරිස කෘෂිකර්මයට යොමු වන්නේ නම් ඊට අවශ්‍ය ඉඩම් හා ආධාර දෙන්න සුදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කරයි.

LTTE සංවිධානයට සම්බන්ධව සිට පුනරුත්ථාපනය වූ පිරිසක් ඊයේ (10) කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් පලකළ අමාත්‍යවරයා කෘෂිකාර්මික වශයෙන් මිරිස් වගාවට යොමු වීමට කැමති උතුරු පළාතේ තරුණ තරුණියන්ට ඒ සඳහා අවශ්‍ය ඉඩම් හා ආධාර ලබා දීමට කටයුතු කළ හැකි බවද පෙන්වා දෙයි.

ඒ අනුව ඊට යොමු වන පිරිස් සඳහා අක්කර භාගයක් බැගින් ඉඩම් ලබා දී ඊට අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය, පොහොර, ජලය හා ආරක්ෂිත ගෘහයන් ද කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ලබා දීමට පියවර ගත හැකි බවද වැඩිදුරටත් පැවසීය.

මීට අමතරව උතුරු පළාතේ ඇතිවන කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තනතුරු පුරප්පාඩු පිරවීමේදී LTTE සංවිධානයේ පුනරුත්ථාපනය වූ පවුල්වල සාමාජිකයන්ට සුදුසුකම් අනුව ප්‍රමුඛතාව ලබා දීමට අවධානය යොමු කරන බව ද අමාත්‍යවරයා කීවේය.

එම පිරිස විසින් එහිදී තමන් මුහුණ දී සිටින ආර්ථික, සමාජයීය හා ජීවන ගැටළු සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමඟ දිර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා ක⁣ර ඊට අදාළ සංදේශයක් ද අමාත්‍යවරයාට බාරදී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06