spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෘත්‍රීම බුද්ධිය හඳුන්වා දීමට පෙර නව නීති ගෙන ආ යුතුයි – අධ්‍යාපන ඇමති (ඡායාරූප)

කෘත්‍රීම බුද්ධිය හඳුන්වා දීමට පෙර එමගින් උද්ගත විය හැකි අයහපත් ප්‍රතිඵල වලක්වාගැනීමට අදාළ නීති රීති සම්පාදනය කලයුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යංශයේ මාර්ග ආරක්ෂණ පදක්කම් වැඩසටහනට අදාළ ශිෂ්‍ය හා ගුරු මාර්ගෝපදේශ අත්පොත් මෙන්ම උපදෙස් සංග්‍රහය එළි දැක්වීමේ වැඩසටහනකට එක් වෙමින්.

ලොව දියුණු රටවල කෘත්‍රීම බුද්ධිය හඳුන්වා දීමට පෙර එමගින් උද්ගත විය හැකි අයහපත් ප්‍රතිපල වලක්වාගැනීමේ පූර්ව සූදානමක් ලෙස නව නීති රීති සම්පාදනය කරන බවත් මෙරටද ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම දිනකට පාසල් දරුවන් මාර්ග අනතුරුවලට මුහුණපෑමේ අවදානම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?