ජපන් පනින්න හදපු විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට

කූඨ ලෙස සකස් කළ බල්ගේරියානු විදෙස් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ජපානයේ නරීටා වෙත පළා යාමට තැත් කළ විදෙස් ජාතිකයෙකු ඊයේ (22)දින රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරු 41 හැවිරිදි ඉරාන ජාතිකයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම ඉරාන ජාතිකයා ඊයේ (22)දින සවස 04.06 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර් – 654 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඉන්පසුව ඔහු එදින රාත්‍රී 08.30 ට ජපානයේ නරීටා බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යන ගුවන් යානය සදහා පිවිසීමට අවශ්‍ය නිශ්කාශන කටයුතු සදහා සිය ලියකියවිලි ගුවන් සේවා නිලධාරීන් වෙත ඉදිරිපත් කළා.

එහිදී ඇති වූ සැකය මත මෙම ඉරාන ජාතිකයා ශ්‍රී ලන්කන් ගුවන් සේවා නිලධාරීන් විසින් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමටයි පියවර ගෙන ඇත්තේ.

ඉන්පසුව ඔහුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී කූඨ ලෙස සකස් කළ බල්ගේරියානු ගමන් බලපත්‍රයක් හමු වී තිබූ අතර එහි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් තැබූ බවට හැගවෙන ව්‍යාජ මුද්‍රා කීපයක් ද සොයා ගනු ලැබුවා.

මෙම ඉරාන ජාතිකයා අත්අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඔහු පැමිණි ගමනාන්තය වෙත යලි පිටුවහල් කිරීම සදහා , කටාර් ගුවන් සේවා නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50