spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කූඨ ව්‍යාපාරයක් නිසා සුපිරි වෙළඳසැල්වල බිත්තර හිඟයක්

සුපිරි වෙළඳසැල්වල අලෙවියට ඇති බිත්තර තොග වශයෙන් මිලදීගෙන යළිත් වැඩි මිලකට සිල්ලරට අලෙවි කිරීමේ කූඨ ව්‍යාපාරයක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසනවා.

ඇසුරුම් කරන ලද බිත්තර සුපිරි වෙළඳසැල්වල අලෙවි කරනු ලබන්නේ රුපියල් 55ක් වැනි මිලකට බවයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

එලෙස අලෙවි කරන බිත්තර, ඇතැමුන් තොග වශයෙන් රැගෙන ගොස් සිල්ලර වෙළඳපොළේ රුපියල් 60ක් වැනි ඉහළ මිලකට මෙලෙස අලෙවිකරන ජාවාරමක් මේ වන විට ක්‍රියාත්මක බවයි.

ඇතැම් කූඨ වෙළඳුන් සිදුකරන මෙම ක්‍රියාව හේතුවෙන් මේ වන විට සුපිරි වෙළඳසැල්වල බිත්තර හිඟයක් මතුව ඇති බව ද සභාපතිවරයා අද මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?