කූඨ ලෙස ගමන් බලපත්‍ර සකසා රට පැන සිටි අයෙක් මෙරට දී කොටුවෙයි

කූඨ ලෙස සකස් කළ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන මෙරටට ඇතුළු වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු අද (11) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකරු 39 හැවිරිදි , යාපනය කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

මොහු ඇතුළු පවුලේ සාමාජිකයන් පිරිස ඉකුත් 2004 වසරේ මන්නාරමේ සිට බෝට්ටුවක නැගී, නීතිවිරෝධී ලෙස ඉන්දියාව බලා පලා ගොස් තිබෙනවා.

ඉන්පසුව මොහු කූඨ ලෙස සකස් කළ ඉන්දීය ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන එංගලන්තය බලා ගොස්; එරට පුරවැසිභාවය හෝ වීසා බලපත්‍ර පහසුකම් නොමැතිව, නීතිවිරෝධී ලෙස ‍රැඳී සිට ඇති බවයි වාර්තාවන්නේ.

ඒ අතර මොහුගේ පවුලේ සාමාජිකයන් ශ්‍රී ලංකාවට පැමිණ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි වී තිබෙනවා.

මොහු සිය ඥාතීන් මුණගැසීමේ අරමුණින් එංගලන්තයේ සිටින තැරැව්කරුවෙකුට මුදල් ලබා දී කූඨ ලෙස ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් සකස් කරවාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ අනුවයි මෙම සැකකාර ගුවන් මගියා අද අලුයම 05.30 ට ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 506 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත්තේ.

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි මොහු මෙරටට ඇතුළු වීම සඳහා අවශ්‍ය නිශ්කාශන කටයුතු සිදු කර ගැනීමට ආගමන කවුළුව වෙත ගොස් සිටියදී මෙම කරුණු සියල්ල හෙළි ව තිබෙනවා.

ඒ අනුව මොහු අත්අඩංගුවට ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37