කූඨ ගමන් බලපත්‍රවලින් ශ්‍රී ලංකාවේ හොරෙන් නවතින්න ආ ඇෆ්ගනුන් පිටුවහල් කෙරේ

කූඨ ලෙස සකස් කළ කසකස්තාන ගමන් බලපත්‍ර උපයෝගී කර ගෙන ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ ඇෆ්ගනිස්තාන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන යළි පිටුවහල් කිරීමට කටයුතු කර තිබෙනවා.

සැකකරුවන් අද (20) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ආගමන හා විගමන නිලධාරීන් විසිනුයි අත්අඩංගුවට ගනු ලැබුවේ.

සැකකාර ගුවන් මගීන් දෙදෙනා වයස අවුරුදු 21-23 වියෙහි පසුවන ඇෆ්ගනුන් බවයි පැවසෙන්නේ.

ඔවුන් අද දින අලුයම 03.29ට කුවේට් රාජ්‍යයේ සිට ජසීරා ගුවන් සේවයේ ජේ.- 9551 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ගුවන් තොටුපොළ වෙත පැමිණි මොවුන් දෙදෙනා සිය ආගමන කටයුතු නිශ්කාශනය කර ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තු කවුළුව වෙත පැමිණ සිය කසකස්තාන ගමන් බලපත්‍ර ඇතුළු අනෙකුත් ලියකියවිලි භාර දී තිබෙනවා.

එහිදී මොවුන් ඉදිරිපත් කළ එම ගමන් බලපත්‍ර පිළිබඳ ඇති වූ සැකය මත, මොවුන් දෙදෙනා සහ ඔවුන්ගේ ලියකියවිලි ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා මගින් කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර තිබෙනවා.

එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම්වල දී මෙම කසකස්තාන ගමන් බලපත්‍රවල ජීව දත්ත පිටු සූක්ෂ්ම ලෙස වෙනස් කර, කූඨ ලෙස ගමන් බලපත්‍ර සකස් කර ඇති බව තහවුරු වී ඇතැයි සඳහන්.

ඉන්පසුව මොවුන්ගේ ගමන් මළු පරීක්ෂා කිරීමේ දී ඒවා තුළ තිබී මොවුන්ගේ සත්‍ය ඇෆ්ගනිස්තාන ගමන් බලපත්‍ර දෙක සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

පසුව මොවුන්ගෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසීමක් සිදු කර තිබූ අතර, එහිදී ශ්‍රී ලංකාව තුළ සංචාරය කිරීමට හෝ වෙනත් රටක් වෙත පලා යෑමේ සැළසුමක් මොවුන් සතුව තිබී නොමැති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව මොවුන් මෙරට පදිංචි වීම සඳහා මෙරටට පැමිණ ඇති බව ගම්‍ය වන බැවින් මොවුන් දෙදෙනා ආපසු ඔවුන් පැමිණි කුවේට් රාජ්‍යය වෙත පිටුවහල් කිරීමට ජසීරා ගුවන් සේවයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගැනුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56