spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුසල් මෙන්ඩිස් නොසිතූ ඉරණමකට මුහුණ දෙයි

ඕස්ට්‍රේලියානු තරග සංචාරයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ලබන එකොළොස් වැනිදා ආරම්භ වන මෙම සංචාරයේ පළමු තරගය කුසල් මෙන්ඩිස්ට අහිමි වනු ඇත.

මේ හේතුවෙන් දිනේෂ් චන්දිමාල් එම පුරප්පාඩුව පිරවීමට කටයුතු කරනු ලබන බවයි ශ්‍රී ලංකා නායකයා සඳහන් කර සිටියේය.

තරග සංචාරයට පෙර කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි චාමික කරුණාරත්න සුවය ලබා අද දිනයේදී ඕස්ට්‍රේලියාව රැඳී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?