කුසල් මෙන්ඩිස්ට ඩුබායිහිදී හදිසි ශල්‍යකර්මයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර විස්සයි විස්ස ලීග් තරගාවලියට සහභාගී වී සිටින කුසල් මෙන්ඩිස්ට අද (12) හදිසි ශල්‍යකර්මයක් සිදු කර තිබෙනවා.

ඔවුගේ මුත්‍රාශයේ ගල් ඇති බව හඳුනා ගැනීමෙන් පසු මෙලෙස හදිසි සැත්කමකට ඔහුව භාජනය කර ඇති අතර ඒ අනුව ඔහුට ජාත්‍යන්තර විස්සයි විස්ස ලීගයේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමට නොහැකි වනවා.