කුසල් එළියට – පැතුම් ඇතුළට – දෙවැනි ටෙස්ට් තරගය අද ලෝඩ්ස් හි දී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් තරගය අද (29) පැවැත්වෙනවා.

‘ද ලෝඩ්ස්’ ක්‍රීඩාංගණයේ දී මෙරට වේලාවෙන් පස්වරු 3.30ට තරගය ආරම්භ වනු ඇති.

අද තරගයට කුසල් මෙන්ඩිස් වෙනුවට පැතුම් නිස්සංක කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

පළමු ටෙස්ට් තරගයේ දී පැතුම් නිස්සංකව කණ්ඩායමට එක් නොකර තිබූ අතර; ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු වන මිකී ආතර් ද සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රශ්න කර සිටියා.

ඒ අනුව අද තරගයේ දී දෙපිළෙහි ම වෙනස්කම් සිදු කර ඇතැයි වාර්තා වනවා.

පළමු තරගයේ දී ආබාධයකට ලක් වූ වේග පන්දු ක්‍රීඩක මාර්ක් වුඩ් වෙනුවෙන් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර මංගල ටෙස්ට් වරම් හිමිකර ගනිමින් ඔලී ස්ටෝන් අද තරගයට එක් වනු ඇති.

පැතුම් නිස්සංක අද තරගයේ ආරම්භක පිතිකරු වශයෙන් දිමුත් කරුණාරත්න සමග ක්‍රීඩා කිරීමට නියමිතව සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව පළමු තරගය කඩුලු 05කින් පරාජයට පත් වුණා.

තරගාවලියේ වැඩි වාසි එංගලන්තය සතුවන අතර තරගාවලි පරාජයකින් ගැලවීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම අදින් ඇරඹෙන දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීමක් හෝ ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමක් සිදු කරගත යුතුයි.

දෙවැනි තරගය ජය පරාජයෙන් අවසන් වුවහොත් අවසන් ටෙස්ට් තරගය දෙපිළටම තීරණාත්මක පසුබිමක් නිර්මාණය කරනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14