spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුසගින්න නිවා ගන්න තම දරුවන් අලෙවි කරන පව්කාර මිනිස්සු

ඇෆ්ගනිස්ථානය තලෙයිබාන් පාලනයට නතු වීමෙන් පසු එරට ජන ජීවිතය දිනෙන් දින දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත් වෙමින් තිබෙනවා. මේ වන විට තමන්ගේ දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට පවා එරට බහුතරයකට හැකියාවක් නැහැ.

තමන්ගේ දෛනික අවශ්‍යතා පිරි මසා ගැනීමට අවශ්‍ය මුදල් උපයා ගැනීමේ අරමුණින් මාස ගණනක බිළිදියක් අලෙවි කළ පුවතක් ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වනවා..

ඇෆ්ගනිස්ථානයේ ආර්ථිකය කඩා වැටීමත් සමග එරට වැසියන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිනවා. ආහාර පාන නොමැතිකම හේතුවෙන් කුසගිනි නිවා ගැනීමට තම දරුවා ඇමරිකා ඩොලර් පන්සියයකට අලෙවි කිරීමට එම දෙමව්පියන් කටයුතු කර ඇති බවයි බිබිසි පුවත් සේවය සදහන් කරන්නේ.

කෙසේ වුවද එම බිළිදිය මේ වනවිට බලධාරීන් භාරයට පත්ව සිටින අතර ඇය ප්‍රතිකාර සදහා හෙරට් නගරයේ රෝහලකට යොමු කර තිබෙනවා. එරට පවත්නා ආහාර අර්බුදය හේතුවෙන් මිලියන ගණනක ජනතාවක් කුස ගින්නේ මිය යා හැකි බවට ද ජගත් සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන ඊයේ අනතුරු අගවා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?