කුසගින්නෙන් මියයන මිනිසුන් මෝඩයන් බව ඇමතිවරයෙක් කියයි

තම රටේ කුසගින්නෙන් මිය ගිය ජනතාව “මෝඩයන්” ලෙස හැඳින්වීම හමුවේ උගන්ඩා රජයේ අමාත්‍යවරයකු දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

බොහෝ දෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා වන හෙන්රි ඔකෙලෝ ඔරියම් (Henry Okello Oryem) ගේ ප්‍රකාශය කිසිසේත් පිළිගත නොහැකි බවයි.

2022 වසරේදී ඊසානදිග උගන්ඩාවේ සාගින්න සහ ඒ ආශ්‍රිත රෝගාබාධවලින් 2,200කට වැඩි පිරිසක් මිය ගිය බව මානව හිමිකම් ආයතනයක වාර්තාවක් පෙන්වා දී තිබෙනවා.

නමුත් මෙම අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වගාවන්ට හිතකර දේශගුණය සහ සාරවත් භූමියක් පවතින බැවින් මිනිසුන්ට ආහාර භෝග වගා කිරීමට හැකි විය යුතු බවයි.

“උගන්ඩාවේ කුසගින්නෙන් මිය යා හැක්කේ මෝඩයෙකුට, සැබෑ මෝඩයෙකුට පමණි,” යනුවෙන් විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා උගන්ඩාවේ රූපවාහිනී නාලිකාවට පවසා තිබෙනවා.

“ඔබ වෙහෙස මහන්සි වී වැඩ කරන්නේ නම්, උගන්ඩාවේ ඉඩම් තිබේ. ඔබ දෙගුණයක් උත්සාහ කළහොත් ඔබට උදෑසන එහි ප්‍රතිඵල දැක ගැනීමට හැකියි. ඔබ ඔබේ ඉඩම වගා කරන්න, ඔබ බීජ සිටුවන්න. ඔබ ඔබේ වගාව නඩත්තු කරනවා නම් ඇත්තෙන්ම, ඔබ ආහාර ලබා ගැනීමට අසමත් වන්නේ කෙසේද?” යනුවෙනුයි ඔහු සඳහන් කර ඇත්තේ.

උගන්ඩාවේ ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කරන ලද උගන්ඩා මානව හිමිකම් කොමිසමේ වාර්තාවේ සඳහන් වී ඇත්තේ ඊසානදිග කලාපයේ ආහාර හිඟය නිසා මිලියන භාගයකට ආසන්න ජනතාවක් උග්‍ර කුසගින්න හමුවේ මියගොස් ඇති බවයි.

අමාත්‍යවරයාගේ ප්‍රකාශය උගන්ඩා ජනතාවගේ මෙන්ම වෙනත් මැති ඇමතිවරුන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී තිබෙනවා.

බලපෑමට ලක් වූ කරමෝජා කලාපයේ කොටසක් වන චෙක්වි ප්‍රාන්තයේ නීති සම්පාදකයෙකු පැවසුවේ ඔරියම් මහතාගේ අදහස් පිළිගත නොහැකි බවයි. රටේ සිදුවන්නේ කුමක්දැයි නොදන්නා ඇමතිවරයෙකුගෙන් පැමිණීම අවාසනාවන්ත තත්වයක් බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

කරමෝජා යනු ප්‍රමාණවත් වර්ෂාපතනයක් ඇති වඩාත්ම ඵලදායි ප්‍රදේශවලින් එකක් වන අතර එහි ආහාර නිෂ්පාදනය කෙරෙනවා. නමුත් කාලගුණික විපර්යාස ඇති වූ විට ආහාර ලබා ගැනීමට වශයෙන්ම අසමත් වීම සිදු වනවා. සාමාන්‍යයෙන් මිනිසුන්ට නියත වශයෙන්ම සාගතයකට මුහුණ දීමට සිදුවන බවයි බොහෝ දෙනෙකු පෙන්වා දෙන්නේ.

කලාපයේ සාගතය බොහෝ විට ඇති වන්නේ දේශගුණය වෙනස් වන ආකාරය වැනි මිනිස් පාලනයෙන් පවා ඔබ්බට ගිය ගැටළු නිසා බව විචාරකයන් ප්‍රකාශ කරනවා. .

උගන්ඩාවේ ප්‍රකට ලේඛකයෙකු සහ මාධ්‍යවේදී චාල්ස් ඔන්යාන්ගෝ-ඔබ්බෝ ද කියා සිටියේ උගන්ඩාව වැනි රටක කුසගින්න ගැටලුවක් බව වටහා ගැනීමට අමාත්‍යවරයා අපොහොසත් වූ බවයි.

කරමෝජාහි වත්මන් ආහාර තත්ත්වය පිළිබඳ නිල දත්ත නොමැති නමුත් කලාපයේ අර්ධ ශුෂ්ක දේශගුණික තත්ත්වයන් හේතුවෙන් වියළි කාලවලදී එහි ජනතාව බොහෝ විට කුසගින්න හමුවේ පීඩාවට ලක්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00