කුසගින්නෙන් මියයන මිනිසුන් මෝඩයන් බව ඇමතිවරයෙක් කියයි

තම රටේ කුසගින්නෙන් මිය ගිය ජනතාව “මෝඩයන්” ලෙස හැඳින්වීම හමුවේ උගන්ඩා රජයේ අමාත්‍යවරයකු දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

බොහෝ දෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා වන හෙන්රි ඔකෙලෝ ඔරියම් (Henry Okello Oryem) ගේ ප්‍රකාශය කිසිසේත් පිළිගත නොහැකි බවයි.

2022 වසරේදී ඊසානදිග උගන්ඩාවේ සාගින්න සහ ඒ ආශ්‍රිත රෝගාබාධවලින් 2,200කට වැඩි පිරිසක් මිය ගිය බව මානව හිමිකම් ආයතනයක වාර්තාවක් පෙන්වා දී තිබෙනවා.

නමුත් මෙම අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වගාවන්ට හිතකර දේශගුණය සහ සාරවත් භූමියක් පවතින බැවින් මිනිසුන්ට ආහාර භෝග වගා කිරීමට හැකි විය යුතු බවයි.

“උගන්ඩාවේ කුසගින්නෙන් මිය යා හැක්කේ මෝඩයෙකුට, සැබෑ මෝඩයෙකුට පමණි,” යනුවෙන් විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා උගන්ඩාවේ රූපවාහිනී නාලිකාවට පවසා තිබෙනවා.

“ඔබ වෙහෙස මහන්සි වී වැඩ කරන්නේ නම්, උගන්ඩාවේ ඉඩම් තිබේ. ඔබ දෙගුණයක් උත්සාහ කළහොත් ඔබට උදෑසන එහි ප්‍රතිඵල දැක ගැනීමට හැකියි. ඔබ ඔබේ ඉඩම වගා කරන්න, ඔබ බීජ සිටුවන්න. ඔබ ඔබේ වගාව නඩත්තු කරනවා නම් ඇත්තෙන්ම, ඔබ ආහාර ලබා ගැනීමට අසමත් වන්නේ කෙසේද?” යනුවෙනුයි ඔහු සඳහන් කර ඇත්තේ.

උගන්ඩාවේ ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කරන ලද උගන්ඩා මානව හිමිකම් කොමිසමේ වාර්තාවේ සඳහන් වී ඇත්තේ ඊසානදිග කලාපයේ ආහාර හිඟය නිසා මිලියන භාගයකට ආසන්න ජනතාවක් උග්‍ර කුසගින්න හමුවේ මියගොස් ඇති බවයි.

අමාත්‍යවරයාගේ ප්‍රකාශය උගන්ඩා ජනතාවගේ මෙන්ම වෙනත් මැති ඇමතිවරුන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී තිබෙනවා.

බලපෑමට ලක් වූ කරමෝජා කලාපයේ කොටසක් වන චෙක්වි ප්‍රාන්තයේ නීති සම්පාදකයෙකු පැවසුවේ ඔරියම් මහතාගේ අදහස් පිළිගත නොහැකි බවයි. රටේ සිදුවන්නේ කුමක්දැයි නොදන්නා ඇමතිවරයෙකුගෙන් පැමිණීම අවාසනාවන්ත තත්වයක් බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

කරමෝජා යනු ප්‍රමාණවත් වර්ෂාපතනයක් ඇති වඩාත්ම ඵලදායි ප්‍රදේශවලින් එකක් වන අතර එහි ආහාර නිෂ්පාදනය කෙරෙනවා. නමුත් කාලගුණික විපර්යාස ඇති වූ විට ආහාර ලබා ගැනීමට වශයෙන්ම අසමත් වීම සිදු වනවා. සාමාන්‍යයෙන් මිනිසුන්ට නියත වශයෙන්ම සාගතයකට මුහුණ දීමට සිදුවන බවයි බොහෝ දෙනෙකු පෙන්වා දෙන්නේ.

කලාපයේ සාගතය බොහෝ විට ඇති වන්නේ දේශගුණය වෙනස් වන ආකාරය වැනි මිනිස් පාලනයෙන් පවා ඔබ්බට ගිය ගැටළු නිසා බව විචාරකයන් ප්‍රකාශ කරනවා. .

උගන්ඩාවේ ප්‍රකට ලේඛකයෙකු සහ මාධ්‍යවේදී චාල්ස් ඔන්යාන්ගෝ-ඔබ්බෝ ද කියා සිටියේ උගන්ඩාව වැනි රටක කුසගින්න ගැටලුවක් බව වටහා ගැනීමට අමාත්‍යවරයා අපොහොසත් වූ බවයි.

කරමෝජාහි වත්මන් ආහාර තත්ත්වය පිළිබඳ නිල දත්ත නොමැති නමුත් කලාපයේ අර්ධ ශුෂ්ක දේශගුණික තත්ත්වයන් හේතුවෙන් වියළි කාලවලදී එහි ජනතාව බොහෝ විට කුසගින්න හමුවේ පීඩාවට ලක්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14