spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ රුසියානුවන් හතරක් පොලිස් දැලේ (ඡායාරූප)

හබරාදුව පොලිස් වසමේ සිදුකළ වැටලීමකදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 16යි ග්‍රෑම් 338ක් සන්තකයේ තබාගෙන සිටි රුසියානු ජාතිකයන් සිව්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හබරාදූව, හිටියනගල, තල්පේ සහ පිටිදූව යන ප්‍රදේශවලදී මෙම විදෙස් ජාතිකයින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් වයස අවුරුදු 21, 33 සහ 46 හැවිරිදි වියෙහි පසුවන්නන් බවයි පොලිසිය පැවසුවේ.

හබරාදුව පොලිසිය සිදුකළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අද (04) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?