කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වී පදක්කම් දිනූ ශ්‍රී ලාංකිකයා (ඡායාරූප)

ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ (Master) කායවර්ධන ශූරතා තරගාවලිවලට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වී 2023 වසරේත් පදක්කම් 06ක් සහ කුසලානයක් දිනා ගැනීමට ජගත් ගුණසේකර ක්‍රීඩකයා සමත්ව තිබෙනවා.

43 හැවිරිදි ඔහු ගම්පහ කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර කුවේට් රාජ්‍යයේ විදේශීය තානාපති කාර්යාලයක සේවය කරමින් තමාගේ පෞද්ගලික මුදලින් මෙම තරඟාවලිවලට ඉදිරිපත් වීම විශේෂත්වයක්.

ඔහු කුවේට් රාජ්‍යයේ රැකියාව කරන අතරතුර “වික්ටරි ඉන්ටර්නැෂනල්” කායවර්ධන ආයතනයේ ජැක් ඩේවිස් මහතා යටතේ පුහුණුවීම්වල නිරත වී සිටිනවා.

මෙම වසරේ එක්සත් රාජධානියේ පැවති ජ්‍යෙෂ්ඨ (Master) ජාත්‍යන්තර තරගාවලි තුනකට සහභාගී වී එහිදී රන් පදක්කමක්, රිදී පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කම් 02ක් දිනා ගැනීමට ජගත් ගුණසේකර සමත් වී තිබෙනවා.

ඉන් පළමුවැන්න පසුගිය සැප්තැම්බර් මස 30 වනදා එක්සත් රාජධානියේ බ්‍රේවික් ලෙෂර්හී පැවති ජාත්‍යන්තර රාජකීය කායවර්ධන ශූරතා තරගාවලියේ දී සී කාණ්ඩයේ උස සෙන්ටි මීටර් 175ට වැඩි විවෘත ඉසව්වෙන් රන් පදක්කමක් සහ කුසලානයක් ද දිනා ගනු ලැබුවා. එමෙන්ම වයස අවුරුදු 40 වැඩි ඉසව්වෙන් රිදී පදක්කමක් ද, වයස අවුරුදු 35ට වැඩි ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් සහ Novice ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ද දිනා ගැනීමට සමත් වුණා.

පසුගිය 08 වනදා එක්සත් රාජධානියේ ස්ටැෆර්ඩ් ගේට් හි පැවති යුරෝපා කායවර්ධන ශූරතා තරගාවලියේ දී වයස අවුරුදු 35ට වැඩි ජ්‍යෙෂ්ඨ ඉසව්වෙන් ද ඔහු රිදී පදක්කමක් දිනා ගෙන තිබෙනවා.

එමෙන්ම පසුගිය 14 වනදා එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් හී පැවති බ්‍රිතාන්‍ය කායවර්ධන ශූරතා තරගාවලියේ දී ජ්‍යෙෂ්ඨ විවෘත ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමටයි මෙම ක්‍රීඩකයා සමත්වී ඇත්තේ.

එමෙන්ම පසුගිය 2022 වසරේ දී එක්සත් රාජධානියේ පැවති ජ්‍යෙෂ්ඨ කායවර්ධන ශූරතා තරගාවලි 04 කට සහභාගී වී රන් පදක්කම් 02 ක් සහ රිදී පදක්කම් 02ක් දිනා ගැනීමට ජගත් ගුණසේකරට හැකියාව ලැබුණා.

ලබන නොවැම්බර් 15 දින ඉතාලියේ මිලානෝ නුවර පැවැත්වෙන ජ්‍යෙෂ්ඨ කායවර්ධන ශූරතා තරගාවලිය සදහා සහභාගී වීමට ජගත් ගුණසේකර මේ වනවිට අවශ්‍ය පුහුණු වීම් වල නිරතව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51