spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුවේට් ගිහින් යන එන මං නැති වූ 31 දෙනෙක් යළි ලංකාවට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව දිගු කළක් රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 31 දෙනෙකු මෙරටට පිටත්කර ඒවා තිබුණා.

කුවේට් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් සකස් කර දී තිබූ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ මෙම පිරිස මෙරටට ඒවා තිබූ බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.

මෙම පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරණ ගුවන් යානයෙන් අද (19) උදෑසන 06.16ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙලෙස පැමිණි පිරිසේ ගෘහ සේවය සඳහා ගොස් සිටි කාන්තාවන් 28 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු ඇතුළත්.

මේ අතර පසුගිය 12 වනදා දා කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව රැඳී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 33 දෙනෙකු ශ්‍රී ලංකාවට පිටත්කර ඒවා තිබුණා.

මේ ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 2,000 ක පමණ පිරිසක් ලියාපදිංචි වී සිටින බවයි වාර්තා වුණේ.

ඔවුන් කණ්ඩායම් වශයෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව, එම තානාපති කාර්යාලයීය ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?