spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුවේටයේදී ඝාතනයට ලක්වූ මෙරට ගෘහ සේවිකාවකගේ සිරුරක් කටුනායකට

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවිකාවක් ලෙස සේවයේ නිරතව සිටියදී ඝාතනයට ලක්වූ මෙරට කාන්තාවකගේ මළ සිරුරක් මෙරටට රැගෙන විත් තිබෙනවා.

කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළට ඊයේ (09) මෙම මෘත ශරීරය රැගෙන ආ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සඳහන් කළේ.

ඇය 2019 වසරේ සිට ගෘහ සේවිකාවක් ලෙස සේවයේ නිරතව සිටියදී පසුගිය අප්‍රේල් මස 13 වනදා ඉතියෝපියානු ජාතික තවත් ගෘහ සේවිකාවක් විසින් ගෙල කපා ඝාතනය කර ඇති බවට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මහව ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි කාන්තාවක්.

මෘත ශරීරය සම්බන්ධයෙන් වන පස්චාත් මරණ පරීක්ෂණය මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් අද (10) දිනයේ සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?