කුවේටයේදී ඝාතනයට ලක්වූ මෙරට ගෘහ සේවිකාවකගේ සිරුරක් කටුනායකට

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවිකාවක් ලෙස සේවයේ නිරතව සිටියදී ඝාතනයට ලක්වූ මෙරට කාන්තාවකගේ මළ සිරුරක් මෙරටට රැගෙන විත් තිබෙනවා.

කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළට ඊයේ (09) මෙම මෘත ශරීරය රැගෙන ආ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සඳහන් කළේ.

ඇය 2019 වසරේ සිට ගෘහ සේවිකාවක් ලෙස සේවයේ නිරතව සිටියදී පසුගිය අප්‍රේල් මස 13 වනදා ඉතියෝපියානු ජාතික තවත් ගෘහ සේවිකාවක් විසින් ගෙල කපා ඝාතනය කර ඇති බවට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මහව ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි කාන්තාවක්.

මෘත ශරීරය සම්බන්ධයෙන් වන පස්චාත් මරණ පරීක්ෂණය මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් අද (10) දිනයේ සිදු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51