කුලියාපිටිය මාරක අනතුරේ ටිපර් රියදුරා රිමාන්ඩ් – පැය 24ක් නොනිදා සේවය කරලා

සිසුවියන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකුට මාරු කැඳවමින් කුලියාපිටිය, විලපොළ මංසන්ධියේ දී ඊයේ (27) සිදුවූ රිය අනතුරේ ටිපර් රථ රියදුරු සැප්තැම්බර් මස 08 වනදා දක්වා රක්ෂිතබන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ, අදාළ සැකකරු අද (28) දින කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ මාරවිල ප්‍රදේශයේ පදිංචික සුලන්ත නිමේෂ් ප්‍රනාන්දු නැමැති 23 හැවිරිදි පුද්ගලයෙක්.

පොලිසිය විසින් බී වාර්තාවක් මගින් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, මෙම අනතුර දැඩි නොසැලකිලිමත් රියධාවනය හේතුවෙන් සිදුවූවක් බවයි පොලිසිය අධිකරණය කරුණු දක්වමින් පැවසුවේ.

එහිදී පොලිසිය කියා සිටියේ සැකකරු පැය 24ක් නිදිවර්ජිතව සේවය කර ඇති බව අනාවරණය වූ බවත්, අනතුරට ලක්වූ වෑන් රථයේ රියදුරු එම අනතුර වළක්වාගන්නට දැඩි උත්සාහයක් ගෙන ඇති බවයි.

තද තිරිංග සලකුණ හා පාලමේ වැටටම හේත්තුකර නවත්වා තිබීමෙන් එය තහවුරුවන බවත් පොලිසිය එහිදී සඳහන් කර තිබෙනවා.

ඒ, අනුව මෙම අනතුර සැකකරු නොසැලකිළිමත් කමින් සිදුකරා ද නැතහොත් සිතා මතා සිදුකළා ද යන්න පිළිබඳව විමර්ශන සිදුකරන බවත් පැවසූ පොලිසිය සැකකරු වෙනුවෙන් ඇප ලබා නොදෙන ලෙසයි අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

දීර්ඝව ඉදිරිපත්වූ සියලු කරුණු කෙරෙහි අවධානය යොමුකළ කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් විමර්ශන අවසන් වනතෙක් සැකකරුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවීමට ද නියෝග කර සිටියා.

මෙම අනතුරුන් කුලියාපිටිය සුරදූත බාලිකාවේ ඉගෙනුම ලැබූ දැරියන් දෙදෙනෙනෙක් සහ පාසල් වෑන් රථ රියදුරෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 12 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළා.

  1. දෛවය.කියන්නේ ඕකට තමයි draiving සීට් එකේ ඉදගන්න කවුරුත් හප්පන්න පෙරළන්න මරන්න හිතාගන එලවන්නේ නැහැ නේ. එයාලත් දෙවියන් බුදුන් සිහිකරල වාහනේට වැඳලා.තමයි ගමන පිටත් වෙන්නේ.මොනවා උනත් පව් ඉතින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56