කුරුවිට පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

නඩු භාණ්ඩ නිසියාකාරව උප සේවයට භාර නොදී ළඟ තබා ගෙන සිටීම හේතුවෙන් වැඩ තහනම් වී සිටින කුරුවිට පොලිස් ස්ථානයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන් හතර දෙනකු මේ මස 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස රත්නපුර මහේස්ත්‍රාත් සමන්.වී කේ. පරණලියන මහතා නියෝග කර තිබෙනවා.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත ⁣කරනු ලැබුවේ පත්කෙරුණේ උප පොලිස් පරීක්ෂක මහානාම සිරිවර්ධනලාගේ දයානන්ද සිරිවර්ධන, පො.සැ.22537 කොම්බුගේ රත්න කුමාර ප්‍රියශාන්ත, පො.සැ.70199 සේපාල ලියනගේ සුසන්ත, පො.කො.81823 රත්නායක යන නිලධාරීන් ය.

කුරුවිට පොලිස් වසමේ පොහොරබාව ප්‍රදේශයේ දී පසුගිය මැයි 29 වැනිදා මෙම නිලධාරීන් කරන ලද වැටලීමකදී වන නීතිවිරෝධි මත්පැන් වන කසිප්පු ළඟ තබා ගන්නා ලද පුද්ගලයෙකු කුරුවිට පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.

එහෙත් එම නඩු භාණ්ඩ නිසියාකාරව උප සේවයට භාර නොදී ළඟ තබා ගෙන සිටිය බවට රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුවරයාගේ නියෝග මත රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශනයක් සිදු කරනු ලැබුවා.

එම විමර්ශනය අනුව මෙම නිලධාරින් සිව් දෙනාගේ වැඩ තහනම් කර තිබුණා.

ඒ අනුව එම වැඩ තහනම් කරන ලද නිලධාරීන් සිව්දෙනා අද (17) අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05