කුරුන්දි විහාරය ගැන ජනපති ලේකම් එල්ලාවල මේධානන්ද හිමිට කරුණු පැහැදිලි කරයි

කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් ගෙන නොමැති බවට ජනාධිපති ලේකම්වරයා විසින් පුරාවිද්‍යා චක්‍රවර්ති ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේට කරුණු පැහැදිලි කර තිබෙනවා.

පසුගිය ජූනි 08 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා විසින් කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් කරුණු දැක්වීමක් සිදුකර තිබුණා.

එම ලිපිය මගින් කුරුන්දි විහාරයට අයත් නොවන ඉඩම් මහජනතාවට පවරා දීම සඳහා නියම කර ඇති බව මාධ්‍ය මඟින් දැනගත් බවත්, එම විහාරය අවට බොහෝ තැන්වල විවිධ බෞද්ධ ආරාමවල නටඹුන් විසිරී ඇති බවත්, එබැවින් මෙම ඉඩම් බෙදාදීම නුසුදුසු බවයි ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ විසින් දන්වා තිබුණේ.

දැනට රජයෙන් ඉඩම් බෙදා දුන්නද, නුදුන්නද වැරදි ලෙස බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගෙන ඇති බව දක්නට ඇති බවත්, එබැවින් මෙම ඉඩම්වල අයිතිය පැවරීම නොකළ යුතු බවත් උන්වහන්සේ අදාළ ලිපිය මගින් වැඩිදුරටත් කරුණු සඳහන් කර තිබෙනවා.

මෙම ලිපිය සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ වෙත කරුණු පැහැදිළි කරමින් 2023 ජුනි මස 15 දාතමින් යුතුව ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපිය මගින් කුරුන්දි විහාරය, ශ්‍රී ලාංකික අපගේ වැදගත් පුරාවිද්‍යා ස්ථානයක් බවත්, කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, උතුරු නැගෙනහිර පවතින ඉඩම් ගැටළුවලට විසඳුමක් වශයෙන් යෝජනා කර ඇත්තේ 1985 වර්ෂය වන විට වනාන්තර හා වනජීවී කලාප වශයෙන් පැවැති ඉඩම් ඒ ආකාරයෙන්ම ආරක්ෂා කිරීම බවයි ජනාධිපති ලේකම්වරයා විසින් කරුණු පැහැදිළි කර ඇත්තේ.

එසේම 2023.06.08 දින පැවැති රැස්වීමේදී කුරුන්දි විහාරය මෙන්ම තිරියාය ප්‍රදේශයේ නටඹුන් පිළිබඳව ද සාකච්ඡා කළ බවත්, මාධ්‍ය මඟින් විකාශනය කිරීමේදී මෙම කරුණු පටලවාගෙන ඇති බවත්, කුරුන්දි විහාරය අවට කුඹුරු ඉඩම් කිහිපයක් සම්බන්ධයෙන් මතු වී ඇති ප්‍රශ්නය පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරයාට හා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇති බවත් ජනාධිපති ලේකම්වරයාගේ ලිපිය මඟින් කරුණු දක්වා තිබෙනවා.

එසේම රජයේ බලාපොරොත්තුව වන්නේ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථාන මෙන්ම ඉඩම් ද හඳුනා ගෙන ඒවා දිස්ත්‍රික් ලේකම්වරයා භාරයේ තැබීමට කටයුතු කිරීම බවයි වැඩිදුරටත් දන්වා ඇත්තේ.

මීට අමතරව නේපාලයේ ලුම්බිණි මායා දේවී විහාරයේ කැණීම් කටයුතු සිදු කළ මහාචාර්ය රොබින් කනින්හැම් මහතාගේ සහය ලබා ගෙන මහාවිහාරය අවට කැණීම් සිදු කර මහාවිහාර විශ්වවිද්‍යාලය නැවත ආරම්භ කිරීමට ප්‍රමුඛතාවයක් දී කටයුතු කිරීමට ද රජය අපේක්ෂා කරන බව ජනාධිපති ලේකම්වරයා විසින් එම ලිපිය මඟින් පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ වෙත කරුණු පැහැදිළි කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39