කුරුණෑගල රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකය තාවකාලිකව වැසේ

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගීන් සඳහා ක්‍රියාත්මක රුධිර කාන්දුකරණ ඒකකය ඊයේ (23) දිනයේ සිට තාවකාලිකව වසා දමා තිබෙනවා.

එම ඒකකයෙන් ප්‍රතිකාර ලැබූ වකුගඩු රෝගින් කිහිපදෙනෙකු පසුගිය දින කිහිපය තුළ මිය යාම සැලකිල්ලට ගනිමින් එම ඒකකය මෙලෙස වසා දමා ඇති බවයි වාර්තා වුණේ.

රුධිර කාන්දුකරණය සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය, උපකරණවල ගැටලුවක් හෝ කිසියම් විෂබීජ ආසාදනයක් මෙම තත්ත්වයට හේතුවන්නට ඇති සැකය මත රෝහල මට්ටමින් පරීක්ෂණයක් ද සිදුකර තිබෙනවා.

එහෙත් එම පරීක්ෂණවලින් නිශ්චිත හේතුවක් අනාවරණය කරගැනීමට හැකිව නැහැ.

රෝහලේ එම ඒකකයෙන් රුධිර කාන්දුකරණයට ලක්කළ වකුගඩු රෝගීන් 05 දෙනෙකු මෙලෙස මිය ගොස් ඇති අතර, රුධිර කාන්දුකරණයෙන් අනතුරුව රුධිර මට්ටම පහළ වැටීමෙන් මෙම මරණ සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් මේ සම්බන්ධයෙන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27