spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුරුණෑගල රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකය තාවකාලිකව වැසේ

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගීන් සඳහා ක්‍රියාත්මක රුධිර කාන්දුකරණ ඒකකය ඊයේ (23) දිනයේ සිට තාවකාලිකව වසා දමා තිබෙනවා.

එම ඒකකයෙන් ප්‍රතිකාර ලැබූ වකුගඩු රෝගින් කිහිපදෙනෙකු පසුගිය දින කිහිපය තුළ මිය යාම සැලකිල්ලට ගනිමින් එම ඒකකය මෙලෙස වසා දමා ඇති බවයි වාර්තා වුණේ.

රුධිර කාන්දුකරණය සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය, උපකරණවල ගැටලුවක් හෝ කිසියම් විෂබීජ ආසාදනයක් මෙම තත්ත්වයට හේතුවන්නට ඇති සැකය මත රෝහල මට්ටමින් පරීක්ෂණයක් ද සිදුකර තිබෙනවා.

එහෙත් එම පරීක්ෂණවලින් නිශ්චිත හේතුවක් අනාවරණය කරගැනීමට හැකිව නැහැ.

රෝහලේ එම ඒකකයෙන් රුධිර කාන්දුකරණයට ලක්කළ වකුගඩු රෝගීන් 05 දෙනෙකු මෙලෙස මිය ගොස් ඇති අතර, රුධිර කාන්දුකරණයෙන් අනතුරුව රුධිර මට්ටම පහළ වැටීමෙන් මෙම මරණ සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් මේ සම්බන්ධයෙන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?