කුරුණෑගල නගරාධිපතිවරයා ධුරයෙන් ඉවත් කරමින් ගැසට් නිවේදනයක්

කුරුණෑගල මහා නගර සභාවේ නගරාධිපති වන තුෂාර සංජීව විතාරණ සිය ධුරයෙන් ඉල්ලා අස්වූවා සේ සැලකිය යුතු බවට දන්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ඊයේ දිනයේදීයි.

ඒ අනුව පසුගිය දෙසැම්බර් මස 31 දින සිට කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධුරය පුරප්පාඩු වූවා සේ සැලකිය යුතු බවටයි එමගින් නියෝග කර ඇත්තේ.

නගරාධිපතිවරයා විසින් 2023 වසරට අදාළව ඉදිරිපත් කළ අයවැය ලේඛනය සම්පාදනය සහ බලාත්මක කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් පසුගිය දෙසැම්බර් මස 31 වනදා සිට ඔහු ඉල්ලා අස්වූවා සේ සැලකිය යුතු බව ආණ්ඩුකාරවරයා අදාළ ගැසට් නිවේදනය මගින් දන්වා තිබෙනවා.

මේ අතර නගරාධිපති ධුරය පුරප්පාඩුව පවතින බව දන්වමින් ද වයඹ පළාත් ආණ්ඩුකාරවරයා විසින් තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමගින් දන්වා ඇත්තේ අදාළ පුරප්පාඩුව පිරවෙන තෙක් නගරාධිපතිවරයාගේ ධුරය පුරප්පාඩු වූ දිනයේ සිට එම තනතුරේ බලතල කටයුතු කාර්යය ක්‍රියාත්මක කිරීම හා ඉටු කිරීම නියෝජ්‍ය නගරාධිපතිවරයා වෙතට පැවරෙන බවයි.

Gazette1 scaled
Gazette2 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16