spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුමන්ත්‍රණයක් ගැන ප්‍රමෝද්‍යගේ හෙළිදරව්ව පාර්ලිමේන්තුවේත් අවධානයට

තරගය පරාජය පිටුපස කුමන්ත්‍රණයක් ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සිදුකළ අනාවරණය පිළිබඳව අද (10) පාර්ලිමේන්තුවේ දී අවධානයට ලක් වුණා.

සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මේ බව අවධාරණය කර සිටියා.

එහිදී ඔහු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් තේරීම් කමිටුවේ සභාපතිවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය කැඳවා සාකච්ඡාකරන ලෙසයි.

එම කුමන්ත්‍රණය පිළිබඳව දැනගැනීම රටේ පුරවැසියන්ට ලෙස සියලුදෙනාට වැදගත් බවයි නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පවසා සිටියේ.

කණ්ඩායමෙන් පිටත සිදුවෙන කුමන්ත්‍රණයක් හේතුවෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වී තරග පරාජයට පත්වීමට සිදුවූ බව තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අද (10) සඳහන් කර සිටියා.

සභාපතිවරයා මෙම අනාවරණය සිදුකළේ ලෝක කුසලාන තරගාවලිය අවසන් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණීමෙන් පසු ගුවන්තොටුපොළේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?