කුණු කුකුළු මස් විකිණූ වෙළෙඳසැලක් වටලයි (ඡායාරූප)

පාරිභෝගික පරිභෝජනයට නුසුදුසු කුකුළු මස් විකිණූ වෙළෙඳසැලක් වටලා තිබෙනවා.

මෙම සිදුවීම සිදු ව ඇත්තේ සියඹලාණ්ඩුව සෞඛ්‍ය නිලධාරී බල ප්‍රදේශයේ දියි.

එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසිනුයි මෙම වැටලීම සිදු කරනු ලැබ ඇත්තේ.

වැටලීම සිදු කරන අවස්ථාවේ දී වෙළෙඳසැල තුළ තිබී නරක් වූ කුකුළු මස් කිලෝග්‍රෑම් 109ක් සොයාගෙන තිබෙනවා.

වෙළෙඳසැල් හිමිකරුට එරෙහි ව සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතයි.

WhatsApp Image 2023 11 13 at 19.20.38
WhatsApp Image 2023 11 13 at 19.20.39 1
WhatsApp Image 2023 11 13 at 19.20.39
WhatsApp Image 2023 11 13 at 19.20.40
WhatsApp Image 2023 11 13 at 19.20.41
WhatsApp Image 2023 11 13 at 19.20.42