spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුඩු සලිඳුට ජීවිත ආරක්ෂාව ඉල්ලූ පෙත්සමට විරෝධතා ඇත්නම් අප්‍රේල් 4ට පෙර ඉදිරිපත් කරන්න – අභියාචනාධිකරණය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සලිදු මල්ෂික ගුණරත්න හෙවත් කුඩු සලිඳු නමැත්තාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඔහුගේ මව විසින් ගොනු කර ඇති පෙත්සමට අදාළව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණය අද නීතිපතිවරයාට කල් ලබා දුන්නා.

ඒ අනුව එම විරෝධතා අප්‍රේල් මස 4 වන දාට පෙර ගොනුකරන ලෙසත් අධිකරණය නීතිපතිවරයාට නියම කළා.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැදවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?