කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා ලංකාවට රැගෙන එයි

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක සලිඳු මල්ෂික හෙවත් ‘කුඩු සලිඳු’ගේ ප්‍රධාන ගෝලයාවන පියුම් හස්තික නැමැත්තා ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් අද (15) අලුයම මෙම පුද්ගලයා ඩුබායි සිට මෙරටට රැගෙනවිත් ඇති බවයි වාර්තා වුණේ.