කුඩු සලිඳුගේ කුඩු බෙදූ කතක් මොරටුවැල්ලේ දී කොටු (ඡායාරූප)

විදේශගතව සිටින මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සලිඳු මල්ෂිත ගුණරත්න නොහොත් පානදුර ‘කුඩු සලිඳු’ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම හසුරවනු ලබන කාන්තාවක් විශේෂ කාර්ය බලකායේ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොරටුව, මොරටුවැල්ල, කිලෝවියස් මාවත ප්‍රදේශයේ දී ඊයේ (13) සිදුකළ මෙහෙයුමක දී අදාළ කාන්තාව අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

38 හැවිරිදි වියේ පසුවන සැකකාරිය පානදුර හා මොරටුව ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම හසුරවා ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී කාන්තාව සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20, මිලි ග්‍රෑම් 600ක් සහ මත් ජාවාරමෙන් උපයා ගන්නා බවට සැක සහිත රුපියල් 103,000.00ක මුදලක් ද සොයාගෙන තිබෙනවා.

සැකකාරිය අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොරටුව පොලිස් ස්ථානය වෙත භාර දීමටයි කටයුතුකර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52