කුඩු සල්ලිවලින් උපයාගත් බවට සැක යාපනයේ තිබූ දේපළ තහනම් කෙරේ

පසුගිය පෙබරවාරි 26 වන දින හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගන්නා ලද වයස අවුරුදු 42 ක් වන අරියාලය, යාපනය ප්‍රදේශයේ පදිංචි සැකකරුවකු උපයාගන්නා ලද වත්කම් හා දේපළ සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශනයක් සිදුකර තිබුණා.

ඒ අනුව මෙම සැකකරු විසින් නීති විරෝධීව උපයාගෙන ඇති දේපළ සහ වත්කම් සම්බන්ධව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකර සැකකරුට අයත් පහත දේපළ තහනමට ලක්කර තිබෙනවා.

එලෙස තහනමට ලක්ව ඇති දේපළ :-

  • රුපියල් 695950/= (හයලක්ෂ අනූපන්දාස් නමසිය පහනයි) වටිනා ඩිංගි බෝට්ටුව හා එම බෝට්ටු එන්ජිමක්
  • රුපියල් ලක්ෂ නමයක් පමණ වටිනා යතුරුපැදි දෙකක්.

සැකකරු සම්බන්ධයෙන් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද වැස්සේ සැර - රත්නපුරට ඇදහැළුණු මහ වැස්ස
01:40
Video thumbnail
කඩා හැලෙන වැස්ස ගැන විශේෂ දැනුම්දීමක්
02:24
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15