කුඩු ජාවාරමට සහාය වූ හිටපු ASP කෙනෙක් ගැන රහස් පොලිසියෙන් පරීක්ෂණ

හිටපු සහකාර පොලිස් අධිකාරීවරයෙක් වන සංජීව මහානාම මත්ද්‍රව්‍ය ජාවාරමට සහාය දක්වමින් අයථා අන්දමින් මහා පරිමාණයෙන් දේපළ හා මුදල් උපයීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකර්ණය වැලැක්වීමේ පනත යටතේ පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අනුරාධපුරය ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේ කරුණු දක්වමින් සඳහන් කර තිබෙනවා.

සංජිව මහානාම නැමති හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් අයතා අන්දමින් මුදල් ඉපැයීමට සම්බන්ධ වූ බවත්, එම ඉපැයීම්වලින් ලබාගත් දේපළ වෙනත් පුද්ගලයින්ගේ නමින් රැස්කර ඇති බවත් සදහන් කරමින් මත්ද්‍රව්‍ය ජවාරම්කාරයින් දෙදෙනෙකු අනුරාධපුරය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට කළ පැමිණිල්ලක් අනුව ව්මර්ශන ආරම්භ කළ බවයි රහස් පොලිසිය කරුණු දක්වමින් සඳහන් කළා.

සංජීව මහානාම සැකකරුගේ සහායෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළේ යැයි කියන අනුරාධපුරයේ හෙරොයින් සහ අයිස් ජාවාරමට ප්‍රසිද්ධ ධර්ම ශ්‍රී පුෂ්ප කුමාර, ලංකා උමා පතිරණ නොහොත් “කුඩු මැණිකේ” නැමැති පුද්ගලයින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බව සඳහන් කළ රහස් පොලිසිය පැමිණිලිකාර සැකකරුවන්ගේ සහ සංජීව මහානාමගේ පෙර වැරදි සම්බන්ධයෙන් රහස් පොලිසිය, අල්ලස් කොමිසම, වංචාව විමර්ශන ඒකකය,සුරා බදු ඒකකය, රේගුව, මත්ද්‍රව්‍ය විමර්ශන කාර්යාංශයේ ,අපරාධ කොට්ඨාසය ඇතුළු රජයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන එකොළහකින් වාර්තා කැඳවා ඇති බවයි රහස් පොලිසිය පැවසුවේ.

සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට ඉඩ සලසා ඇති බවත්, එමගින් උපයන මුදල් දින පතා “ඊසි කෑෂ් “ක්‍රමයට ලබාගෙන වෙනත් පුද්ගලයන්ගේ නමින් රැස් කර ඇති බවත් පැමිණිලිකාර ජාවාරම්කරුවන් සඳහන් කර ඇති බවද කරුණු ඉදිරිපත් කළා.

කරුණු සලසා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20