කුඩු එක්ක ‘ආදම්ෆොරස්ට් කළුවා’ අල්ලයි

පානදුර,කෙසෙල්වත්ත, දිග්ගල, හොරේතුඩුව ආදී ප්‍රදේශ රැසක මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ ‘ආදම්ෆොරස්ට් කළුවා’ නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ගේ තොරතුරකට අනුව පානදුර උතුර පොලිසිය මගින් ඊයේ (24) පස්වරුවේ මෙම සැකකරු සවස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු වෙනත් පුද්ගලයෙකුට මත්ද්‍රව්‍ය ලබාදීම සඳහා මත්ද්‍රව්‍ය සමඟ පානදුර, කෙසෙල්වත්ත ආදම්ෆොරස්ට් ක්‍රීඩාංගණය අසළ රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මෙම ජාවාරමට සම්බන්ධ එම ප්‍රදේශයේම පදිංචි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ මෙම ජාවාරම මේ වන විට විදෙස් රටක සැඟව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් මෙහෙයවන බවයි.

මොවුන් සන්තකයේ තිබී ලක්ෂ 10 පමණ වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 30 කට ආසන්න ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගත බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු තිස්තුන සහ තිස් අට වයස්වල පසුවන පුද්ගලයන්වන අතර, ඔවුන් අද (25) දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39