spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

‘කුඩු අංජු’ ලංකාවට ගෙන එන්න පොලිසිය නීතිපති සහාය පතයි (වීඩියෝ)

මේ වනවිට ප්‍රංශයේ දී අත්අඩංගුවට පත්ව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සිංහාර අමල් සමින්ද සිල්වා හෙවත් ‘කුඩු අංජු’ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය පවසනවා.

මෙම සැකකරු සම්බන්ධයෙන් මේ වන විටත් නීතිපතිවරයාගෙන් කරුණු විමසා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව සදහන් කර සිටියා.

‘කුඩු අංජු’ නැමැත්තා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (30) පැවැත් වූ මාධ්‍ය හමුවක දී සඳහන් කළා.

ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදන නිකුත් කරනු ලැබූ සැකකරුවන් සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ ජාත්‍යන්තර එකඟතා මත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මෙහිදී පැවසුවා.

පසුගිය බදාදා ප්‍රංශයේ දී එරට පොලීසිය විසින් ‘කුඩු අංජු’ නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ බිරිඳ විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

https://youtu.be/Jqy-zAXTzHM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?